ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු තැපැල් ඡන්ද රක්ෂණ පැකට් ලබන 15 වැනිදා තැපෑලට බාරදෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට් තැපැල් අධිකාරිවරුන් මාර්ගයෙන් අදාළ රාජ්‍යය ආයතන වෙත යැවීමට නියමිතය.
තැපැල් ඡන්දය දෙසැම්බර් මස 23 සහ 24 යන දින වලදි පැවැත්වීමට නියමිතය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දි රාජකාරි කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දි තිබේ.
මැතිවරණ කොමසාරිස්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දිනයේ දි පැවැත්වුණි.
මෙහිදි මැතිවරණ කොමසාරිස්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට අමතරව සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ද මුණගැසි සාකච්ඡෘ කර ඇත.
මෙම සාකච්ඡාවේ දි ප්‍රධාන වශයෙන්ම අදාළ නියෝජිතයින්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
ඡන්ද ප්‍රචාරක කටයුතු වලදි පවතින බාධාවන් සම්බන්ධයෙන් මෙහිදි මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමුව ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කළේය.
විශේෂයෙන් මෙම අවස්ථාව සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් කිහිපදෙනෙකු ද සහභාගි වි සිට ඇති අතර නිති විරෝධි මැතිවරණ ප්‍රචාරක දැන්විම් ඉවත් කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.

Post a Comment