ඉන්දීය ආරක්ෂක උපදේශක ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කර තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී අදාළ හමුව පැවති බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරණායක මහතා සඳහන් කළේය.


පසුගියදා සාර්ක් සමුළුවේ දී සාකච්ඡාවට බඳුන් වු කරුණු පිළිබඳව මෙහිදි අවධානය යොමුව තිබේ.


මීට අමතරව දෙපාර්ශවය අතර ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වැදගත් වන කරුණු රැසක් පිළිබඳ සාකච්ඡාවට බදුන් වු බව සඳහන්ය.



Post a Comment