යුද අපරාද චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයකට එකඟවීම ඉතා භයානක කරුණක් බවත්, මුලින්ම විහාරමහාදේවි උද්‍යානයේ එළි දක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එවැන්නක් සඳහන් නොවුණු බවත් අත්තනායක මහතා කියා සිටියේ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මේ අනුව දේශපාලන පක්ෂ සමග ප්‍රසිද්ධියේ එකඟවන ප්‍රතිපත්ති මෙන්ම ඒ ඒ පක්ෂ හා සංවිධාන සමග අප්‍රසිද්ධියේ වෙන වෙනම එකඟතා ඇති කරගෙන ඇති බවත්, එජාපය සමග එසේ ඇතිකරගනු ලැබූ එකඟතාවයන්හි ලියවිල්ලක් තමා අත ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ හා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇති එම ගිවිසුමේ රටට ඉතාම අහිතකර වගන්ති කිහිපයක්ම දක්නට ඇති බව ඔහු අවධාරණය කළේය.
එම ගිවිසුමේ 2.6.5 වගන්තියට අනුව උතුරු පළාතේ ස්ථාන ගත කර ඇති හමුදා භටයින් සංඛ්‍යාව 50%න් අඩුකිරීමටද, 2.7.1 වගන්තියට අනුව සියලුම අධි ආරක්ෂිත කලාප ඉවත්කොට එහි ඉඩම් මුල් පදිංචි කරුවන්ට ලබාදීමටද, තීරණය කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම 2.7.2 වගන්තියට අනුව දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුවන පරිදි 13 වන සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් සිදුකිරීමට ද පොදු අපේක්ෂකයා එකඟවී ඇති බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

Post a Comment