වැස්සෙන් 80,000ට උන්හිටි තැන් නෑ

දිවයිනේ දිස්ත්‍රික්ක 14කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 80,000 පමණ පිරිසක් තවකාලික රුදවුම් ස්ථාන වල රඳවා ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 640,000 පමණ පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි.


මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වැව් රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් භද්‍රා කමලදාස මහත්මිය සඳහන් කළාය.


එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කළ හැකි බවයි.



Post a Comment