ත්‍රිකුණාම‍ලයේ පවුල් 2802 අවතැන්

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් සමඟ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2802 ක පුද්ගලයින් 10,027 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදාවට පත්වූවන් සඳහා සහන කඳවුරු 18ක් ස්ථාපිත කර ඇති බව ත්‍රීකුණාමල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසුවේය.


මහවැලි ගඟ පිටාර ගැළීම හේතුවෙන් කින්නියා, මුතූර්, තෙරුගල්, සේරුවිල, කන්තලේ සහ තඹලගමුව යන ප්‍රදේශවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව ඇති බව ඒ මහතා සඳහන් කළේය.


ජල ගැළීම් හේතුවෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තුළ නිවාස 02ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වි ඇති අතර නිවාස 130ක් අර්ධ වශයෙන් ජලයෙන් යට වි ඇති බවයි වාර්තාවෙයි.



Post a Comment