හබරාදුව ප්‍රාදේශීය සභාපතිගේ ප්‍රහාරයකින් තුවාල ලැබූ බව කියන කම්කරුවෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
ගාල්ල නගර සභාවේ කම්කරුවෙකු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.
දකුණු පළාත් පාලන ක්‍රීඩා උළෙල හබරාදුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී අද පැවැත්විණ.
එහිදී එම කම්කරුවා සිය පළාත් පාලන ආයතනයේ ජයග්‍රහණය වෙනුවෙන් අත්පුඩි ගසමින් සතුටුවෙමින් සිටියදී ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇතැයි අප වාර්තාකරු පැවසීය.
ප්‍රහාරය නිසා එම කම්කරුවාගේ කටේ දත් දෙකක් ගැලවී යාමට ඔන්න මෙන්න තත්ත්වයට පත්ව ඇත.
ඒ අනූව ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම කම්කරුවා කරාපිටියේ රෝහලේ 58 වාට්ටුවේ මේවන විට ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු කීවේය.
මේ ගැන පොලීසියට ද පැමිණිලි කර ඇත.
Post a Comment