වයසට ගියාම ජීවත්වෙන්න ලංකාවත් හොඳ රටක්ලු

දකුණු ආසියානු රටවල් අතුරින් වයස් ගතවූ පසු ජීවත් වීමට සුදුසුම පරිසරයක් සහිත රට ශ්‍රී ලංකාව බව නවතම දර්ශකයකින් හෙළිව තිබේ.

රටවල් 96 ක් සංසන්දනය කරමින් එළි දැක්වු අදාළ දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 43 වන ස්ථානයයි.


එම දර්ශකය මගින් පෙන්නුම් කරන පරිදි වයස් ගතවු පසු ජීවත් වීමට වඩාත් සුදුසුම රට නොර්වේ රාජ්‍ය වන අතර ජීවත් වීමට නුසුදුසුම රට ඇෆ්ගනිස්ථානය වේ.


එමෙන්ම වසර 2050 වන විට ගෝලීය ජනගහණයෙන් සියයට 21 ක පිරිසක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවට පත්වන බව ද අදාළ දර්ශකය මගින් අනාවරණය කර ඇත.



Post a Comment