නිලධාරීන්ගේ ප්‍රමාදයෙන් ඇතා ලේ විලක් මැද අවසන් ගමනේ!

එප්පාවල, කණ්ඩක්කුලම, කුඹුක්වැව වෙල්යායේ, වාන්ඇළ ළඟදී ඇත්තු දෙදෙනෙක් අතර ඇති වූ පොරයකින් පසු එක් ඇතෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඇතුන් ‍දෙදෙනාම දළ යුගළවලින් එකිනෙකාට පහරදී ගෙන ඇති අතර කෙසේ හෝ එක් ඇ‍ෙතක් මෙම ගැටුමේදී මියගොස් ඇත.


එසේ මියගොස් ඇති ඇතා ලේ ගලන තුවාල සහිතව බිම වැටී සිටි අයුරු ඉහත ඡායා රූපවල දැකිය හැකිය.


මෙම ඇත් පොරය ඊයේ දහවල් ඇරඹී ඇති අතර ඒ ගැන සැලවී ජනතාව වනජීවි නිලධාරීන් දැනුවත් කර ඇත.


එහෙත් වනජීවි නිලධාරීන් මෙම සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇත්තේ ඊයේ පස්වරුවේ බව අප වාර්තාකරු කියයි.


ඔවුන් පැමිණීමට ඔන්න මෙන්න තිබියදී පොර බැදීමේදී බරපතළ තුවාල ලබා සිටි ඇතා මියගොස් තිබේ.


අලි වෙඩි දැමුවේ නම් ඇතුන් දෙදෙනා පළවා හැරීමට තිබූ බව ප්‍රදේශවාසීන්ගේ මතයයි.


කෙසේ වුවද මෙලෙස මියගොස් ඇති ඇතා අවුරුදු 20ක් පමණ වන උස අඩි 7ත් 8ත් අතර පසුවන දැවැන්තයෙකි.


මියගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.


වයඹ වනජීවි කලාපය බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් එම කටයුත්ත සිදුකිරීමට නියමිත බැව් අප වාර්තාකරු කී‍ෙව්ය.



Post a Comment