තහනම නොතැකු මස් වෙළෙන්දා අත්අඩංගුවේ

හැටන් නගරයේ පෞද්ගලික බස් නැවතුම්පළ අසළ කුකුළු මස් අලෙවි කළ කුකුල් මස්කඩ හිමියෙක් හැටන් පොලීසිය මඟින් අද (08) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පෝදා හැටන් නගරය තුළ මස් මාංශ අලෙවි කිරීම තහනම් කර තිබූ අතර මෙම වෙළෙඳසැල් හිමියා විසින් රහසිගතව කුකුළු මස් අලෙවි කරමින් සිටියදී ඔහු බාරයේ තිබූ කුකුළු මස් කිලෝ 22 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.


සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ලබන 14 දින හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරන බව හැටන් පොලීසිය පවසයි.


මේ අතර අද කාසල්රී ජලාශයේ මාළු අල්ලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් නෝර්වුඩ් පොලීසිය විසින් පළවා හැර ඇත.



Post a Comment