ජගත් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත මර්දන කමිටු නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

එම කමිටුවේ සහකාර මහලේකම් ජොන් පෝල් ලැබෝඩ් මහතා ඇතුළු නියෝජිතයින් පිරිස තෙදින නිලසංචාරයක් සඳහා මෙලෙස මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.


එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ජොන් පෝල් ලැබෝඩ් ඇතුළු පිරිස මෙරටට පැමිණ තිබේ.


ත්‍රස්ත මර්දනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ අරමුණු 03 ක් යටතේ සාකච්ඡා කිරීමට ඔවුන් අපේක්ෂා කරන බව සඳහන් වෙයි.


එහිදි ත්‍රස්තවාදයට එරෙහිව පවතින ජාත්‍යන්තර සහයෝගීතාව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය මෙන්ම ඊට අදාළව ජගත් සංවිධානය ලබා දෙන තාක්ෂණික සහය පිළිබඳව ද එම කමිටුවේ සහකාර මහලේකම්වරයා දේශනයක් සිදුකරනු ඇත.


අදාළ සංචාරය තුළ දී ඔවුන් උතුරු පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිත බව ද සඳහන් වෙයි.



Post a Comment