ලන්ඩනයේ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට

ලන්ඩන් නුවර සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලාංකික සරණාගත පුද්ගලයෙකු මියගොස් තිබේ.

දකුණු ලන්ඩනයේ ක්‍රොයිඩන් ප්‍රදේශයේ දී මොහු අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී අදාළ පුද්ගලයා මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව සඳහන් වෙයි.


අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු පළාගොස් තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ ජෙයරත්නම් කන්දයියා නැමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.


2000 වසරේ දී සරණාගතභාවය අපේක්ෂාවෙන් ලන්ඩන් නුවරට ගොස් ඇති ජෙයරත්නම් යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තා වෙයි.


අනතුර සිදුකළ පළාගිය රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.



Post a Comment