නිල සංචාරයක් සඳහා වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හෙට දිනයේ මෙරටින් පිටත්ව යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චීනයෙන් සිදුවන හදිසි ආක්‍රමණ වැළැක්වීම සඳහා මෙරට සමඟ ආරක්ෂක සබඳතා තරකර ගැනීමට අදාළ සාකච්ඡාවන් වලදී ඉන්දීය රජයේ අවධානය යොමුවනු ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් මෙරට නාවුක හමුදාපතිවරයාගේ පැමිණීම ඉන්දීය දමිළ ප්‍රජාවගේ අභිලාෂයන් නොසලකා හැරීමක් බව තමිල්නාඩු ප්‍රාන්ත නායකයින් පෙන්වාදෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට නාවික හමුදාපතිවරයා ඉන්දීය ආරක්ෂක අංශ සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවන් වලදී දමිළ ප්‍රජාව පිළිබඳ අවධානය යොමු නොවනු ඇති බවයි.
කෙසේ වෙතත් අද දෙරණ මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ඔහු පැවසුවේ නාවික හමුදාපතිවරයාගේ ඉන්දීය සංචාරය හෙට දිනයේ සිදු නොවන බවත් ලබන සතියේ දී ඔහු අදාළ සංචාරය සඳහා දිවයිනෙන් පිටත් යාමට නියමිත බවයි.
Post a Comment