ඊයේ (08) පල්ලම පොලිස් වසමේ කටුපොත - තිඹිරිගොල්ල ප්‍රදේශයේදී පල්ලම පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 55 ක අයෙකු වන අතර ඔහු නිකවැරටිය - විතිකුළිය පදිංචිකරුවෙකු බව පොලීසිය කියයි.
ඔහු පොල් වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇති බවද සඳහන්ය.
කටුපොත - තිඹිරිගොල්ල ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක මෙරට නිපදවන ලද ගිනි අවි ඇති බවට පොලීසියට ලැබී ඇති තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
විශාල පොල් වත්තක මෙම ගිනි අවි තිබී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවි උපයෝගී කරගෙන සැකකරු තමන් මුර කරන වත්තට පැමිණෙන සතුන් දඩයම් කරන්නට ඇති බවට විශ්වාස කළ හැකි යැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ ඔහු සතුව තිබියදී පොලිස් බාරයට ගෙන ඇති ගිනි අවි පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Post a Comment