එය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල එකඟත්වයෙන් ගනු ලැබූ තීන්දුවක ප්‍රතිඵලයක් නොවන බව හෙතෙම කියා සිටියේය.
එබැවින් එකී මෝඩ තීරණය සම්බන්ධයෙන් කෙදිනක හෝ වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ටී.වී දෙරණ 360 සජීවි වැඩසටහන සමග එක්වෙමිනි.
එළඹෙන ජනාධිපතිවරණයකදී ‘විධායක‘ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නේ නම් ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් විය යුතු බව ඔහු සඳහන් කළේය.
එසේ වුවද පවත්නා විධායක ජනාධිපති ධූරයේ යම් යම් අංශ සංශෝධනය විය යුතු බව තමන්ද විශ්වාස කරන බවත්, විශේෂයෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකිවීම අහෝසි විය යුතුවා මෙන්ම පාර්ලිමේන්තුවට වගකිවයුතුවීම අනිවාර්ය විය යුතුව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
18 වන සංශෝධනයෙන් පසුව මාස 3ට වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියද එයින් පමණක් කිසිසේත්ම පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයක් නිර්මාණය වී නොමැති බව ඔහු අවධාරණය කළේය.

Post a Comment