ප්‍රේමකීර්තිගේ බිරිඳට සජීවීව කුණුහරුප කියූ ගුවන් විදුලියම “හඩුගඳ” ගසයි

ප්‍රේමකීර්ති ද අල්විස් වන සිය සැමියාගේ ඝාතකයා සම්බන්ධයෙන් පෙරේදා පැවති උත්සවයකදී බිරිඳ විසින් ජනාපතිවරයා දැනුවත් කිරීමත් සමග ගුවන් විදුලියේ උදෑසන එක්තරා වැඩසටහනක් අසභ්‍ය වචන වලින් පිරී ගොස් ඇත.

ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ එක්තරා නාළිකාවක සජීවි වැඩසටහනකදී එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා අසභ්‍ය වචන
පාවිච්චි කරමින් පැයකට වැඩි කාලයක් ප්‍රේමකීර්තිගේ බිරිඳ වන නිර්මලා ද අල්විස් මහත්මියට බැණ වැදී ඇත.

ගුවන් විදුලියේ මහ ගෙදර ලෙස සැලකෙන රාජ්‍ය මාධ්‍යයක් යොදා ගනිමින් මෙලෙස පෞද්ගලික අවශ්‍යතාවයක් උදෙසා අසභය වචන පාවිච්චි කිරීම සම්බන්ධයෙන් රජය වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන්ගේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉහළ තනතුර ප්‍රේමකීර්තිට ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී එහි අධ්‍යක්ෂ ජනරාල් වරයා වූ හඩ්සන් සමරසිංහ නැමැත්තකු වූ සිය රියදුරා වූ කළු අජිත් මගින් මෙම ඝාතනය සිදු කළ බව ප්‍රේමකීර්ති පිළිබඳව ලියන ලද බිරිඳ විසින් ජනාධිපතිවරයා වෙත ලබා දුන් පොතේ 214 සහ 217 යන පිටුවල සඳහන් වේ.

එම පිටු පහතින් කියවිය හැක.
 

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment