පියා සිය පුතු ඝාතනය කරයි

හොරොව්පතාන, වාහල්කඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පියෙකු විසින් සිය පුත්‍රයා ඝාතනය කර තිබේ.

බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.


බරපතළ තුවාල ලැබු පුත්‍රයා පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි.


සිද්ධියට අදාළ සැකකාර පියා හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment