ලංකාවේ ෆේස්බුක් වැඩිම ලයික් තියෙන්නේ ඉරාජ්ටලු

ජනපි‍්‍රය ගායන ශිල්පිනී ශකීරා පහුගිය දවසක වාර්තාවක් පිහිටුවූවා. එ් සිය ෆේස්බුක් රසික ගිණුමට ලයික්ස් මිලියන සියයක් හෙවත් ලක්ෂ 1000ක් ලබා ගත් ලොව පළමු වැන්නා වෙමින්.

ශී‍්‍ර ලංකාවේත් බොහෝ ගායක ගායිකාවන් සහ නළු නිළියන් ෆේස්බුක් රසික පිටු පවත්වාගෙන යනවා. එ්වාට ලැබී ඇති රසික ප‍්‍රතිචාර කෙබඳුදැයි අප ඉකුත් දින කිහිපයේදී විමසා බැලිමක් කළා. අපට හමු වූ එවැනි රසික පිටු අතරින් වැඩිම ලයික් සංඛ්‍යාවක් හිමිව තිබෙන්නේ ඉරාජ්ට.

ඉරාජ්ගේ රසික පිටුවට අද උදේ වන විට ලයික්ස් පන්ලක්ෂ විසිහයදහස් එකසිය හැට හයක් ලැබී තිබුණා. ශිහාන්ට සහ නදිනිටත් ඉහළ ප‍්‍රතිචාර ලැබී තිබෙනවා. ශිහාන්ගේ රසික පිටුවට ලැබී ඇති ලයික්ස් සංඛ්‍යාව

දෙලක්ෂ තිස්හයදහස් පන්සිය හැත්තෑ තුනක්.

ශිහාන්ට බොහෝම ළඟින් නදිනිත් ඉන්නවා. ඇගේ ෆේස්බුක් රසික ගිනුමේ ලයික් සංඛ්‍යාව අද උදේ වන විට දෙලක්ෂ විසි අටදහස් අටසිය 30ක්. මේ අතර නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර පසුව රංගන ශිල්පිනියෙක් ලෙසද දක්ෂතා දක්වන යුරේනි නොෂිකා ලයික්ස් ලක්ෂ දෙක ඉක්මවා ලබාගෙන තිබෙනවා.

තවත් රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රාටත් ෆේස්බුක් ග‍්‍රහකයන් බොහෝදෙනෙක් කැමැතියි. ඇගේ රසික පිටුවට හිමි ලයික්ස් සංඛ්‍යාව අද උදේ වන විට එක්ලක්ෂ අනූඑක්දහස් හාරසිය අසූ හතක්.

මීට අමතරව සුරේනි සහ අශාන්ති යන ගායිකාවන්ගේත් විනූ උදානි සහ මහේෂි මධුසංඛා යන නිලියන්ගේත් ෆේස්බුක් රසික පිටුවට ලක්ෂය ඉක්ම වූ ලයික්ස් සංඛ්‍යාවක් හිමිව තිබෙනවා. හැබැයි අපි මේ සඳහන් කළේ අපට හමු වූ ෆේස්බුක් රසික පිටු ගැන තොරතුරු පමණයි. 


මීට වැඩි ලයික්ස් සංඛ්‍යාවක් හිමි ශ‍්‍රී ලාංකික ගායික ගායිකාවන්ගේ හෝ නළු නිළියන්ගේ ෆේස්බුක් සැබෑ රසික පිටු ගැන ඔබත් තොරතුරු දන්නේ නම් අපගේ පිටුවට පිවිස එ් බව කමෙන්ට් එකක් ලෙස සඳහන් කරන්න.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment