මීගමුවේ අතුරුදන් බව කී දරුවා මව ළඟ

මීගමුව දොන් බොස්කෝ මාවතේ පදිංචිව සිටියදී අතුරුදන් වූ බව කී සිව් හැවිරිදි දරුවා කටුනායක ප්‍රදේශයේ සිය මව ළඟ සිටියදී ඊයේ (31) මීගමුව ‍පොලීසිය විසින් සොයාගෙන ඇත.

අසේන් පෙරේරා නමැති මෙම සිව් හැවිරිදි දරුවා පැහැර ගැනීමට ලක්ව ඇති බව පවසමින් දරුවාගේ ඥාතියකු විසින් ඊයේ (31) මීගමුව ‍පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණි.


ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ‍පොලීසිය දරුවාගේ පියා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි බව අනාවරණය කරගෙන තිබේ. මේ

හේතුව නිසා දරුවාගේ පියා සහ මව වෙන්ව ජීවත් වේ. 

දරුවා සීයා ළඟ ජීවත්වෙන අතර ඊයේ (31) දින දරුවා අතුරුදන් වීම නිසා ඥාතියකු ‍පොලීසියට පැමිණිලි කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment