මුව මස් සහ ගිනි අවි සමඟ අයෙක් මාට්ටු

ඝාතනය කරන ලද මුවෙකුගේ මස් ළඟ තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකු කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී මෙරට නිපදවන ලද සතුන්ට අටවන ගිනි අවි 03 ක්ද පොලිස් බාරයට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව - පහරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


23 හැවිරිදි සැකකරුගේ නිවසේ තිබී මුව මස් සහ ගිනි අවි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු මීට පෙර අවස්ථා 03 කදී දඩ මස් සමඟ පොලීසියට කොටු වූ අයෙකු බවට හඳුනාගෙන තිබේ.



Post a Comment