පාවෙන වෙළඳසැල් සංකීර්ණය 25දා විවෘත කරයි

පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකෙරුණු පාවෙන වෙළඳ සංකිර්ණය ලබන 25 වන සඳුදා දින විවෘත කිරිමට නියමිතව තිබේ.

පාවෙන වෙළඳ සංකිර්ණය ඊයේ(22) පස්වරුවේ විවෘත කිරිමට නියමිතව තිබුණි.


කෙසේ වෙතත් පවතින දැඩි වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එය කල් තැබිමට තීරණය කළ බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.


ඒ අනුව ලබන සඳුදා පස්වරු 5.00ට පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේය.



Post a Comment