පරාක්‍රම සමුද්‍රයේ ගිළී 13 හැවිරිදි සිසුවෙක් මරුදකියි

පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගොස් සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිළී මියගොස් තිබේ.

කටුගස්තොට, යටියාවල ප්‍රදේශයේ සිට පොළොන්නරුව ප්‍රදේශයේ වන්දනා ගමන් ගිය පිරිසකගෙන් පුද්ගලයින් පස් දෙනෙකු මෙලෙස දියේ ගිළී ඇති අතර ඔවුන් පොළොන්නරුව පොලීසියේ ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.


එම අවස්ථාව වන විටත් අදාළ පාසල් සිසුවා මියගොස් සිට ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


මියගිය පාසල් සිසුවා ධනංජය ජයවර්ධ නැමැති අයෙකි.


මියගිය ශිෂ්‍යයාගේ මළ සිරුර මේ වන විට පොළොන්නරුව මහ රෝහලට රැගෙනවිත් ඇත.


මෙම මාසය තුළදී පරාක්‍රම සමුද්‍රයේ දියේ ගිළී මිය ගිය තුන්වෙනි පුද්ගලයා මොහු බව පොලීසිය සඳහන් කරයි.



Post a Comment