හිරගෙදර ඇතුළේ මට ලිංගික හිංසා කරනවා - Sakvithi Ranasinghe

ස්වාමිනී.... මම වසර තුන හතරක කාලයක සිට බන්ධනාගාරගතව සිටිනවා. එහිදී මට ලිංගික හා විවිධ හිංසාවන් සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට අවසර ලබාදෙන ලෙස මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

කෝටි 105ක මූල්‍ය වංචාවේ සැකකාර සක්විති රණසිංහ නමැත්තා නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා වෙත ඒ බව දන්වා සිටියේ එම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවැති නඩුව සිකුරාදා (28දා) නැවැත කැඳවූ අවස්ථාවේදීය.

දකුණත ඔසවා ගෙන විත්ති කූඩුවට නැඟි සක්විති රණසිංහ නමැත්තා අධිකරණය හමුවේ තවදුරටත් ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ තමන් මානසික ලෙඩෙක් ලෙස හැඳින්වීම නිසා ඉදිරි නඩු කටයුතුවලට මුහුණදීමට අපහසුතාවක් ඇති වී තිබෙන බවත් තමන් නිදහස් ස්ථානයක රඳවා තබන ලෙසත් තමන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට රහස් පොලිසිය තවදුරටත් ප්‍රමාද වන්නේ නම් තමා එම නඩුවෙන් නිදහස් කර හැරීමට කටයුතු කරන ලෙසත්ය.


සැකකාර සක්විති රණසිංහ නමැත්තා අධිකරණයට දැක්වූ කරුණු පිළිබඳව අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ විත්තිකරුට මීට පෙර ඇප ලබාදී ඇති බවයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment