ෆේස්බුක් ගැන පොලිසියෙන් අලුත් සොයාගැනීමක් - Police reveals new find on FB

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට අපරාධ ඇති කරන ප‍්‍රධානතම මෙවලම බවට පත්වී ඇති බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ ෆේස්බුක් හරහා කරගෙන යනු ලබන තවත් ජාවාරමක් පිළිබද තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බවයි.

පසුගිය දා නුගේගොඩ ප‍්‍රදේශයේ දී ඝාතනය කර තිබියදී හමුවූ ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව ද ෆේස්බුක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

නුගේගොඩ සුභද්‍රාරාම පාරේ තෙමහල් නිවසකදී පසුගිය 18 වැනිදා රාත‍්‍රී කාලයේදී කිසියම් ආයුධයකින් පහරදීමක් නිසා මෙම ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබිණ.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ ෆේස් බුක් හරහා පුද්ගලයන් රවටා පසුව ඔවුන් කොල්ලකෑමේ ජාවාරමක නිරතවන බවට තොරතුරු හෙළිවී ඇති බවයි.


කෙසේවුවද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ෆේස් බුක් තහනම් කිරීමට ආණ්ඩුව මාධ්‍ය මෙහෙයුමක් අරඹා ඇති බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා හෝමාගම - ආටිගල ප‍්‍රදේශයේ ඊයේ (02) පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ, ෆේස් බුක් තහනම් කිරීමට කටයුතු කළහොත් තමන් ඒ වෙනුවෙන් තරුණ තරුණියන් සමග පාරට බහින බවයි.
Police says that the Facebook social networking site has become the main tool triggering crime.Speaking, police spokesman SSP Ajith Rohana says that details of another racket conducted through Facebook has been uncovered.At a media briefing yesterday (March 02), the police spokesman said that Facebook has been revealed as the reason behind the recent murder of the businessman in Nugegoda.

He added that there is a racket underway where people are duped on Facebook and are later robbed.However, UNP leader Ranil Wickremesinghe says that the government has initiated a mission to ban Facebook.

Speaking at a public meeting in Atigala, Homagama (March 02), the UNP leader said that if measures are taken to ban Facebook, he will take to the streets over the cause on behalf of the youth in the country

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment