පෙනුම සරාගී නැත්නම් වැඩක් නෑ - Ruwangi Rathnayake

දවසින් දවස රංගන ක්‍ෂේත්‍රයට අලුත් මුහුණු එකතු වෙනවා. එහෙම බලනකොට නළුවන්, නිළියන් වීම හිතන තරම් අපහසු නෑ... ඒත් ආකර්ෂණීය නළුවෙක්, නිළියක් වීම නම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි...


 ඒ නිසාම අපි හිතුවා ආකර්ෂණය දිනාගත් නිළියන්ගෙන් ආකර්ෂණය දිනා ගැනීමේ රහස් එයාලගෙන්ම අහන්න. හා හා පුරා කියලා මුලින්ම අපි තෝරාගත්තේ රුවංගි රත්නායක.

Makeup නැතුවත් මම ආකර්ෂණීයයි

චරිතයක් වෙනුවෙන් අපි මේකප් කරනවා. ඒත් සාමාන්‍ය ජීවිතේදී ෂොපින් යන්න, මාකට් යන්න, යාළුවෙක්ගෙ ගෙදර යන්න මේකප් කරන්න අවශ්‍ය නෑනේ... මට නම් හිතෙන්නේ මම මේකප් කරලා ඉන්නවට වඩා මේකප් නැතුව ඉන්නකොට ලස්සනයි. ආකර්ෂණීයයි. මම විතරක් නෙවෙයි මඟතොටේදි හමුවෙන මගේ රසිකයොත් ඒ බව කියනවා. ඒ නිසා විශේෂ අවස්ථාවකට ඇරෙන්න අනෙක් වෙලාවට ලිප්ස්ටික් ටිකක් ගානවා ඇරෙන්න මම මේකප් කරන්නෙ නෑ...


ඇඳුමත් ආකර්ෂණයට හේතුවක්

මම දිගට වගේම කොටටත් අඳිනවා... ඔය දෙවිදියම මට ගැළපෙනවා... තැනට, සිරුරට ගැළපෙන්න ඇන්දම කොතැනත් කැපී පෙනෙනවා... ඇඳුමත් ආකර්ෂණයට හේතුවක්. ඒත් ආකර්ෂණයට කියලා හුඟාක් කොටටත්, තැන්පත් වෙන්න කියලා හුඟාක් දිගටත් අඳින්න අවශ්‍ය නෑ. කොහොමත් හුඟාක් කොටට ඇන්දහම අවලස්සනක් මිසක් විශේෂ ආකර්ෂණයක් නෑ කියලයි මට හිතෙන්නේ...

ඇඳුම විතරක් නෙවෙයි පෙනුමත් සරාගිකයි

ඇඳුම කොයිතරම් සරාගී වුණත්, පෙනුම සරාගී නැත්නම් වැඩක් නෑනේ... බොහොම තැන්පත් ඇඳුමක් ඇඳලා එක බැල්මකින් සරාගී වෙන්න පුළුවන්. නළු නිළියො වුණු අපිට චරිත නිරූපණයේදී ඇඳුමට වඩා වැදගත් වෙන්නේ ඒ හැඟීම් ප්‍රකාශය. කැමරාව ඉස්සරහා අවශ්‍ය වෙලාවට හැඟීම් ප්‍රකාශ කරන්න මම උපරිමයෙන් උත්සාහ කරනවා...

හිනාවත් ඉනාවක්

හැඟුම්බර හිනාවකින් ඕනෑම කෙනෙක් ආකර්ෂණය කරගන්න පුළුවන්... මගේ හිනාවට ඒ හැකියාව තියෙනවා... හැබැයි මම ඕනෑම කෙනෙක් එක්ක හිනා වෙන්නේ මනුස්සකමට මිසක් ආකර්ෂණයට නෙවෙයි. ඒත් ළෙන්ගතු හිනාවට වශී වෙන අයත් නැත්තේම නෑ...

හැඩැති සිරුර වාසනාවක්

නිළියන් විතරක් නෙවෙයි ඕනෑම කාන්තාවක් තමන්ගේ හැඩරුව ගැන හිතනවා. මමත් මගේ හැඩරුව ගැන නම් හිතනවා. වාසනාවකට මට හොඳ උසක් වගේම ඒ උසට ගැළපෙන මහතත් තියෙනවා. ඒ වගේම පැහැපත් සමකුත් තියෙනවා. මගේ පෙනුම ආකර්ෂණය වෙන්නත් ඒක හේතුවක්. ඒ නිසා ඒ ආකර්ෂණය රඳවා ගන්න මම මගේ පෙනුම ගැන හිතනවා.

ප්‍රබෝධවත් කමත් ආකර්ෂණයට හේතුවක්

හිනා වුණත් මැරිලා වගේ, ජීවත් වෙන්නෙත් මැරිලා වගේ. වැඩිය ඕනෑ නෑ සමහර අය රඟපාන්නෙත් මැරිලා වගේ... කොයිතරම් ප්‍රශ්න තිබුණත්, කොයිතරම් කාර්යබහුල වුණත් ඒ විදියට නම් ඉන්න මම කැමති නෑ... මළානිකව ඉන්න කෙනෙක් දිහා බලන්නවත් හිතෙනවද? ප්‍රබෝධවත් කෙනෙක් දැක්කම නිකන්ම ආකර්ෂණයක් ඇති වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී වගේම රංගනයේදීත් ප්‍රබෝධවත්ව ඉන්න මම උත්සාහ කරනවා... ඒ උත්සාහයට හොඳ ප්‍රතිඵල තියෙනවා.

හිමේෂා සවන්තී රාජපක්‍ෂ
ඡායා - අසන්ත ගමආරච්චි



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment