සිසුවියගේ අවමගුල් පෙරහරට විදුහල ඉදිරිපිටින් යාම තහනම් වෙයි


 'Facebook' පිටුවක පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා එල්ල කළ පරුෂ චෝදනා නිසා සිත්තැවුලට පත් වී ගෙල වැළලා ගෙන මියගිය සිසුවියගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඊයේ (07) සවස සුසාන භූමිය වෙත යා යුතුව තිබූ මාර්ගයේ ගමන් නොකරන ලෙසට තහනම් නියෝගයක් පනවා තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ දඹුල්ල පාර,‍තෝර යාය පදිංචි වී සිටි පී.පී.වෙනෝෂා ඉමන්දි දැරියයි. ඇය මෙවර අපොස විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි රූමත් දැරියකි. ඇය සිය ගෙල වැළලා ගන්නට පෙර ෆුල්ස්කැප් පිටු දෙකක් පුරා විදුහල්පතිවරයා විසින් තමන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් එල්ල කළ චෝදනා සඳහන් කර තිබේ.

ඊයේ  (07) සවස ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරේ. ඇ‍ය පදිංචි නිවසේ සිට මල්කඩුවාව පොදු සුසාන භූමිය වෙත යා යුතුව ඇත්තේ ඇය ඉගෙනුම ලැබූ සර් ජොන් කොතලාවල විදුහල ඉදිරිපිටින් ය. එම විදුහල ඉදිරිපිටින් අවමගුල් පෙරහරට ගමන් කිරීමට ඉඩ නොලැබෙන පරිදි තහනම් නියෝගයක් පනවා ඇතැයි වාර්ථා වේ. පාසලේ කිසිම සිසුවෙක්ට නිල ඇඳුමින් මෙම අවමගුලට සහභාගී නොවන ලෙස නියෝග කර තිබේ.

ඇය ලියු ලිපිය පහතින් බලන්න





-සබැදි පුවත්-

1. Facebook ඡායා රුපය දැරියට මරු කැඳවයි


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment