ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි පී. ඩී. ලලිතා පද්මිණි මහත්මියට රුපියල් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් අංග සම්පූර්ණ පහසුකම් සහිත දෙමහල් නව නිවස ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, අරලගංවිල නගරයේදී සිදු කෙරිණ.
ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී පී. ඩී. ලලිතා පද්මිණි මහත්මිය පිළිබඳ තොරතුරු දැනගත් විමල් වීරවංශ අමාත්‍යවරයා ඇයගේ නිවස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 නිවාස මූල්‍යාධාරයක් ප්‍රදානය කළේය. එම නිවාස මූල්‍යාධාරය සමඟ ලලිතා පද්මිණි මහත්මියගේ මුදල් යොදවා රුපියල් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් මෙම නිවස ඉදිකර තිබේ.
2010 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැති ආසියානු, ශාන්තිකර කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය බවට ලලිතා පද්මිණි මහත්මිය තේරී පත්විය.
ලලිතා පද්මිණි මහත්මිය ජීවත්වූයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල තම පියා සතු කඩ කාමරය සහිත පිටුපස ඉදිකර තිබෙන කොටසකය. එම ස්ථානය ඇයට ජීවත්වීමට නුසුදුසු නිසාත් ඇය ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දෙමින් කරන ලද මෙහෙවරට උපහාරයක් වශයෙනුත් "ජනසෙවණ කැපකරු" නිවාස වැඩසටහන යටතේ ඇයට නව නිවසක් ලබාදීමට විමල් වීරවංශ අමාත්‍යවරයා තීරණය කළේය. මෙම නව නිවස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක නිවාස ආධාර ලබාදීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයට අනුබද්ධ සමාගමක් වන ඕෂන් විව් ආයතනය ඉදිරිපත් විය.
Put the internet to work for you.
Post a Comment