Samsung Galaxy S5 අප්‍රේල් මාසයේදී වෙළඳපොළට

2014 වසරේ ජංගම දුරකථන සමාගම්වල වාර්ෂික සම්මේලනය පෙබරවාරි මාසයේදී පැවැත්වේ.

එහිදී සැම්සුන් සමාගම විසින් ගැලැක්සි S5 නව දුරකථනය එළිදැක්වීමට නියමිත අතර අප්‍රේල් මාසයේදී එය වෙළඳපොළට පැමිණීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.


ඇපල් 5S දුරකථනයට ඇඟිලි සළකුණු ස්කෑන් කිරීමේ හැකියාව ලබාදී තිබෙන නිසා සැම්සුන් සමාගම විසින් ඔවුන්ගේ නවතම දුරකථන වලට ඇස ස්කෑන් කර පුද්ගලයා හඳුනාගන්නා පහසුකම එක් කිරීමට නියමිතය.

ඒ අනුව S5 හි නව පහසුකමක් ලෙස ඇස ස්කෑන් කර පුද්ගලයා හඳුනාගැනීමේ ආරක්ෂිත ක්‍රමය ඇතුලත් කරාවි යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන නමුත් තවමත් ඒ පිළිබඳව ස්ථිර ලෙසම පැවසිය නොහැකි බවයි වාර්තා වෙන්නේ.

ඇස ස්කෑන් කර පුද්ගලයා හඳුනා ගන්නා මෙම පහසුකම සැම්සුන් වල ප්‍රථම වතාව නොවන අතර මීට පෙර S4 වලටද මෙම පහසුකම එක් කර තිබුණි.

IRIS scanning ක්‍රමය අනුව S5 දුරකථනයක් මඟින් ජීමේල්, ෆේස්බුක් වැනි වෙබ් අඩවි වලට ඇතුළුවීමේදී පාස්වර්ඩ් ඇතුලත් කිරීමකින් තොරව එය දෙස බලාසිටි ඇතුළු විය හැකිය.


ඩුබායි වැනි රටවල් වල ගුවන්තොටුපළ හරහා ඇතුල්වන්නන්ගේ ඇස ස්කෑන් කර දත්ත ලබාගන්නා අතර බ්ලැක් ලිස්ට් කර පිටුවහල් කරන්නන් නම හෝ ජායාරූපය වෙනස් කර වෙනත් පාස්පෝට් එකක් භාවිතයෙන් නැවත පැමිණීමේදී ඔහුව හඳුනාගත හැකිය.

Voice Recognization පුද්ගලයන් 500කට එක් අයෙකුගේ සමාන විය හැකිය
Face Recognization පුද්ගලයන් 1000කට එක් අයෙකුගේ සමාන විය හැකිය.
Finger Print පුද්ගලයන් 50,000කට එක් අයෙකුගේ සමාන විය හැකිය
එක ඇසක IRIS scanning 1,500,000කට එක් අයෙකුගේ සමාන විය හැකිය
ඇස් දෙකේම IRIS scanning 2,250,000,000,000කට එක් අයෙකුගේ සමාන විය හැකිය
DNA පුද්ගලයන් 800,000,000,000,000කට එක් අයෙකුගේ සමාන විය හැකිය.

-සටහන-
33000.lk වෙත පිවිසීමට තවමත් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් බාධා එල්ලවී ඇති නිසා එම බාධාවන් ඉවත්වන තුරු අපගේ තාවකාලික නව ලිපිනය වන www.33000.in ලිපිනය ඔස්සේ ඔබට අප හා එක්වීමට පුළුවන. ස්තූතියි.




IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment