තොරතුරු සාක්ෂරතාව 40% ට නඟී

2003 වසරේදී මෙරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව තිබුණේ සියයට 4 ක් බවත් 2013 අවසානය වන විට එය සියයට 40 දක්වා ඉහළ නැඟ ඇති බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි. එය 2015 දී සියයට 75 දක්වා වැඩි කිරීමට වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද ඔහු කියයි.

මෙරට ඕනෑම ජංගම දුරකථනයක් මඟින් රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේ පහසුකම් මේ වසර ඇතුළත රටපුරා ක්‍රියාවට නංවන බව ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ඒ අනුව රාජ්‍ය අංශයේ ඉ සේවාවන් තවත් ශක්තිමත් ලෙස ඒකාබද්ධ කර ක්‍රියාවට නංවනු ලැබේ. '1919' ගැටලු විසඳීමේ සේවය යටතේ දැන් ඉ සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව තිබෙන බවත් එම ආයතනය පෙන්වා දෙයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment