Nvidia සමාගමේ Crop Circle ප්‍රෝඩාව හා 2014 උදාවෙත්ම දුටු හඳුනා නොගත් පියාසර වස්තූන්

පසුගියදා 2014 නව වසර උදාවත්ම හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වූ බව කැලිෆෝනියාවෙන් වාර්තා වුණා.

ඒ පිළිබඳව රූපවාහිනී නාලිකා ගණනාවක්ම වාර්තා කල අතර ඒවා දුටු ජනතාව පවසන්නේ තැඹිලි පැහැ දීප්තිමත් ආලෝකයක් අහසේ තිබී එක්වරම අතුරුදහන් වූ බවයි.

abc7, NewsChannel 21 හා තවත් රූපවාහිනී නාලිකාවන් කිහිපයක් මේ පිළිබඳව විකාශය කළ එම වීඩියෝ පහතින්.








Nvidia සමාගමේ Crop Circle ප්‍රෝඩාව

Crop Circle යනු රාත්‍රී කාලයේ නිර්මාණය කිරීමෙන් පසු වගා බිම් වල පසුදා උදෑසන දක්නට ලැබෙන අක්කර ගණනක් විශාල විවිධ හැඩතල වලින් රටා වලටයි. වගා කව ලෙස හඳුන්වන මේවා බොහෝ විට ඇමරිකාවේ තිරිඟු යායවල් වල දක්නට ලැබේ.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ පිටසක්වල ජීවීන් විසින් පිටසක්වල යානා වල සිට මේ ආකාරයට විවිධ සංකේන සලකුණු කර විවිධ පණිවිඩ අපට ලබා දෙන බවයි.

80 හා 90 දශකයේ මේවා බහුල ලෙස වාර්තා වුවත් දැඩි නිහඬතාවයකින් පසුව පසුගිය දෙසැම්බර් 30 වෙනිදා කැලිෆෝනියාවේ Salinas ප්‍රදේශයේ මතුවූ ක්‍රොප් සර්කල් එක නැවත ආන්දෝලනාත්මක වුණා.



අන්ධ පුද්ගලයන්ට අකුරු කියවීම සඳහා යොදාගන්නා බ්‍රේල් සංකේත වල 192 අංකය එහි කිහිප ස්ථානයකම සටහන් වූ අතර ක්‍රොප් සර්කලයේ වටේ රවුමේ ඔර්ලෝසුවේ පෙන්වන 1,9,2 ස්ථාන වල රවුම් පිහිටා තිබූ නිසා 192 ඉලක්කම සමඟ මෙහි සම්බන්ධතාවයක් තිබෙන බවයි බවයි පසුගියදා රූපවාහිනී වැඩසටහන් මඟින් හෙළි කර සිටියේ.

එම වීඩියෝව පහතින්.



නමුත් පසුව හෙළි වුණේ Nvidia සමාගම විසින් තමගේ නවතම පරිගණක චිප් එක සඳහා වන ප්‍රචරක ව්‍යාපෘතියක් ලෙස මෙය නිර්මාණය කර තිබෙන බවයි.

එම සමාගමේ CEO පෙරේදා පැවසුවේ මෙම නව Tegra K1 චිප් එක ප්‍රචාරනය සඳහා තම වෙළඳ ප්‍රවර්ධන ඒකකයට අඩු වියදම් මුදල් ප්‍රතිපාදන ලබා දුන් බවත්, ඉන් පසු ඔවුන් මෙය නිර්මාණය කර ඇති බවත්ය. එම ප්‍රොසෙසරයේ core 192ක් තිබෙන නිසයි ඔවුන් මෙලෙස 129 අංකය සටහන් කර තිබෙන්නේ.

එවුන් මෙම ක්‍රොප් සර්කල් එක නිර්මාණය කරන ආකාරය දැක්වෙන එම වීඩියෝව පහතින්.




Crop Circle එකෙහි ජායාරූප පහතින්.







IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment