මාගේම දරුවාට කැපිල්ල දමා පිට දරුවන්ට නිවේදක පාඨමාලා පවත්වන ධර්ම ශ්‍රී වික්‍රමසිංහ

ප්‍රවීන නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ "ප්‍රථම විවාහයේ" පුත්‍රයා වන හර්ෂ වික්‍රමසිංහ තම පියා මෙන්ම නිවේදක කටයුතුවලට දක්ෂයෙකි.

ඔහු ගැන හොදින් දන්නා අය පවසන්නේ මයික්‍රෆෝනයකින් කටහඞ ඇසෙනවිට තාත්තා කවුද, පුතා කවුද කියා සොයාගැනීමට අපහසුතරමටම එම පිය-පුතු දෙපළගේ කට හඞෙහි සමානකම් තිබෙන බවය.

සැබැවින්ම එය පියෙකු ලෙස ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතාට තම පුත්‍රයා පිළිබදව සිතා බොහෝ සේ ආඞම්බරවිය හැකිව තිබූ වාසනාවන්ත තත්ත්වයකි. මන්ද තම හැකියාවන් එයාකාරයෙන්ම දරුවකුට පිහිටන්නේ කලාතුරකින් වන බැවිනි.

වරක් පුවත්පතක් සමඟ පැවැත්වූ සාකච්ජාවකදී ඔහු තම දෙවන විවාහයේ බිරිඳ හා දරුවන් ගැන පවසා සිටියේ මෙවැන්නක්


"චන්ද්‍රා වික්‍රමසිංහ ධර්ම ශ්‍රී ගේ දායබර බිරිඳයි. ඇය තමාට ලාබ දෙන ශක්තිය ධෛර්ය ඉදිරි ගමනට මහත් සේ පිටි වහලක් වූ බව ඔහු පවසනවා. අපි විවාහ වෙලා දැනට අවුරුදු 35 යි. ඒත් චන්ද්‍රා එක්ක ගත කරන ජීවිතේ මට දැනෙන්නේ අද ඊයේ අලුතින් පටන් ගත්තා වගේ. මගේ පුතා නවෝද් ධනුෂ්ක. ඔහු පදිංචිව ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. දුව රටම හඳුනන ජනප්‍රිය ගායිකාවක් වන උරේෂා රවිහාරි"

නමුත් අවාසනාවකට මෙන් ධර්ම ශ්‍රීට උවමනා වූයේ ඔහුගේ දෙවැනි විවාහයේ පිරිමි දරුවා වන උරේෂා රවිහාරිගේ මල්ලීව නිවේදකයකු බවට පත්කොට ධර්ම ශ්‍රී ගේ නිවේදක කිරුළ ඔහුගේ හිස මත තබන්නටය.

ධර්ම ශ්‍රී ගේ සමීප මිතුරන් පවසන්නේ ධර්ම ශ්‍රී විසින් ඔහුගේ දෙවැනි විවාහයේ පිරිමි දරුවා වන උරේෂා රවිහාරිගේ මල්ලීව ළග තබාගෙන ඔහුට කටහඞ හැසිරවීම ඇතුලු නිවේදන ශිල්පයට අදාල ධර්ම ශ්‍රී දන්නා සෑම ශිල්පයක්ම කියාදුන් නමුත් ඒ දරුවාට කිසිදු නිවේදක දක්ෂතාවයක් පිහිටා නොතිබූ නිසා ඔහුව නිවේදකයකු කරවන්නට ධර්ම ශ්‍රීට නොහැකි වූ බවය.


තමාගේ නිවේදක කිරුළ තම දෙවැනි විවාහයේ දරුවා වන උරේෂා රවිහාරිගේ මල්ලීට පළදවන්නට සිහින දකිමින් සිට අවසානයේදී එම සිහිනය බොදවී යෑමෙන් තදබල කෝපයට පත්වූ ධර්ම ශ්‍රී එතැන් සිට කළේ ඔහුගේ ප්‍රථම විවාහයේ නිවේදක පුත්‍රයාට වෛර කරන්නට පටන් ගැනීමය.

එම වෛරය කෙතරම් ප්‍රබල වීද යත්, තම ප්‍රථම විවාහයේ පුත්‍රයාව තමාගේ පුතෙකු ලෙස මාධ්‍ය මගින් හදුන්වා නොදෙන ලෙස ධර්ම ශ්‍රී විසින් ඔහුගේ පත්‍රකලාවේදී මිතුරන්ට දැනුම් දුන්නේය.

නමුත් පියෙකු ගේ හැකියාව දරුවකුට පිහිටීම යනු දෙවියන්ගේ තීන්දුවක් බව වටහා ගැනීමට තරම් ආගමානුකූල වැටහීමක් ධර්ම ශ්‍රී තුළ නොවීය.

උරේෂා රවිහාරිගේ මල්ලීව නිවේදකයකු බවට පත්කරන්නට නොහැකි බව වටහාගත් දිනයේ සිටම ධර්ම ශ්‍රී විසින් ඔහුගේ ප්‍රථම විවාහයේ නිවේදක පුත්‍රයාගේ ඉදිරි ගමන වැළැක්වීම සදහා බොහෝ දේ රහසිගතව කර ඇති අතර ප්‍රථම විවාහයේ පුත්‍රයා, සංගීත ප්‍රසංග නිවේදකයකු ලෙස කටයුතු කළ කාලයේදී ඔහුට සංගීත ප්‍රසංග ලබා නොදෙන ලෙස ධර්ම ශ්‍රී විසින් ඇතැම් සංගීත ප්‍රසංග සංවිධායකයින්ට කියා ඇති බවද මේ වන විට හෙළිවී තිබේ.

ඒ සෑම ක්‍රියාවකම අරමුණ වී ඇත්තේ තම ප්‍රථම විවාහයේ පුත්‍රයාව කලා ක්ෂේත්‍රයෙන් එළවා දැමීමය. අනුන්ගේ පාප කර්ම වලට දායක වී අපාගත වන්නට සූදානමින් සිටින සුලු පිරිසක් එකී පවිටු ක්‍රියාවන් සදහා එදා සිටම ධර්ම ශ්‍රීට අත - හිත දී ඇත.

මේ අතර ධර්ම ශ්‍රී වික්‍රමසිංහගේ "පවුලේ පුවත්පත" ලෙස සැළකෙන "ඉරිදා ලක්බිම - රිද්ම" ටැබ්ලොයිඞ් අතිරේකයේ මෑතකදී ධර්ම ශ්‍රී පිළිබදව සිනහා උපදවන සුලු ප්‍රවෘත්තියක් පලකොට තිබිණැයි අපට දැන ගන්නට ලැබුණි. එහි සදහන්ව තිබී ඇත්තේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ විසින් නිවේදකයින් පුහුණුකිරීමේ පාඨමාලාවක් ආරම්භ කොට තිබෙන බවය.

ධර්ම ශ්‍රී ගෙන් නිවේදනය පිළිබදව හැදෑරීමට ලැබීම නව පරපුරට අගනා අවස්ථාවක් බවත්, නිවේදක පාඨමාලාව ගැන විමසීම සදහා 0777-587627 යන දුරකථන අංකයත් එහි පලකොට තිබී ඇත. ධර්ම ශ්‍රීගේ නිවේදක පාඨමාලාව හදාරමින් සිටින සිසුන් බොහෝ දෙනෙකු ඊට සම්බන්ධ වී තිබෙන්නේ ද ඉරිදා ලක්බිම පුවත්පතේ පළවී තිබූ එකී ප්‍රවෘත්තිය දැකීමෙන් පසුව බව දැනගන්නට තිබේ. (ධර්ම ශ්‍රී දෙවතාවක් විවාහ වූ පුද්ගලයකු බව Facebook මගින් කරන ලද සත්‍ය හෙළිදරව්ව ධර්ම ශ්‍රී ට මඞ ගැසීම සදහා ධර්ම ශ්‍රී ගේ සතුරන් විසින් ගොතන ලද බොරුවකැයි හැගෙන ලෙස ව්‍යාජ ප්‍රවෘත්තියක් පලකොට මෑතකදී පාඨකයින් නොමග යවන ලද්දේ ද "ඉරිදා ලක්බිම" පුවත්පතයි.)

නමුත් මෙහි තිබෙන ගැටලුව තම ලෙයින් උපන් දරුවාගේ දක්ෂකම් වලට පවා ඊර්ශ්‍යා කරන, අකුල් හෙළන, ද්වේශ කරන, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ වැන්නෙකු තුළ අනුන්ගේ දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර උගැන්වීමට තරම් මනුස්ස හදවතක් තිබිය හැකිද යන්නයි.

එමෙන්ම ධර්ම ශ්‍රී විසින් නිවේදක වෘත්තියේ නිරතව සිටින ඔහුගේම පුත්‍රයාට පවා සතුරුකම් කරන බව ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ රහසක් ව තිබියදී එවැනි පුද්ගලයකු විසින් අනුන්ගේ දරුවන්ට නිවේදකයකු වීමට පාර පෙන්වා දෙනු ඇතැයි කියා අතිශයෝක්තියෙන් පාඨකයින් රවටන්නට තරම් "ඉරිදා ලක්බිම" පුවත්පත දෙකේ කොළයට වැටී ඇති බවද පෙනේ.

තම පියා විසින් තමන්ට කරන ලද විවිධ හිංසනයන් පිළිබද සවිස්තරාත්මක කරුණු දැක්වීමක් ධර්ම ශ්‍රී ගේ ප්‍රථම විවාහයේ පුත්‍රයා විසින් ඔහුගේ පුද්ගලික වෙබ් අඞවියෙහි ද සදහන් කොට ඇති අතර ඊට පිවිසිය හැකි සබැදිය මෙසේය
www.harshawickramasinghe.net

පියා විසින් තම මව සමඟ වූ ප්‍රථම විවාහට වලදැමීම සඳහා එහි සියළුම සාක්ෂි සහිත ජායාරූපන් ගිනි තබා ඇති නමුත් හර්ෂ වික්‍රමසිංහ විසින් තම මව සමඟ ධර්ම ශ්‍රී ගේ විවාහයේ ජායාරූප කිහිපයක් තම වෙබ් අඩවියට එක් කර තිබෙනවා. ඒවා මෙතනින්.


(අනාවරණය - සත්‍යවාදී ගවේශණ ඒකකයෙනී)


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment