හෙල්ලක් හිසේ වැදී සිසුවකුට බරපතළයි - Javelin passes through 19 year old student's eyes

  එල්ලය වැරදුණු හෙල්ලය Video (සංවේදී අය නැරඹීමෙන් වලකින්න)
ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පුහුණුවීම් අතරතුරදී විසි කරන ලද හෙල්ලක් එම පාසලේ තවත් සිසුවකුගේ හිසේ වැදී ඇත.

මෙසේ වැදුණු හෙල්ල කම්මුල ප්‍රදේශයෙන් මුහුණට ඇතුළු වී ඇති අතර හෙල්ලත් සමඟ වහාම එම සිසුවා ඇඹිලිපිටියේ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ළමයාගේ හිසින් හෙල්ල ඉවත් කිරීමේ පහසුකම් මඳ නිසාවෙන් හෙල්ලෙහි අග කොටස සිසුවාගේ ඇඟෙහි තිබියදී ඉතිරි කොටස කපා දමා වහාම කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට රෝහල් බලධාරීන් ක්‍රියා කර ඇත.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ වයස අවුරුදු 19ක් වන උසස් පෙළ ඉගෙන ගන්නා සිසුවෙකි. ඔහු ක්‍රීඩා පුහුණුවීම් අතර ක්‍රීඩා පිටියට පැමිණෙන සිසුන් ඉවත් කිරීමට ගිය අවස්ථාවේදී මේ අනතුරට ලක්ව ඇත. පාසලේ නිවාසයක ක්‍රීඩා නායකයකු ලෙසින්ද මේ සිසුවා කටයුතු කර ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment