කාන්තා වැසිකිළියේ C.C.T.V කැමරා සවිකළැයි වෛද්‍යවරයා රිමාන්ඩ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන කාර්යාල වැසිකිළියේ සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සිවිකර ලිපිකාරිනියන්ගේ දර්ශන පටිගත කළ බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා මේ මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරසිංහ මහත්මිය ඊයේ (31) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 30 සේවයේ නියුතුව සිටි රෝලි ප්‍රනාන්දු මාවත කටුබැද්ද මොරටුව ලිපිනයේ පදිංචි 27 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකු වන දිනුෂ ෂෙරංග විජේවර්ධන යන අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු අනුරාධපුර මුලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය කියා සිටියේ පසුගිය 21 වනදා අනුරාධපුර මුලස්ථාන පොලීසියට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු විසින් කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බවයි.


සැකකාර වෛද්‍යවරයා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන කාර්යාල වැසිකිළියේ සී.සී.ටී.වි කැමරාවක් සවිකර එම වැසිකිළිය භාවිතයට ගන්නා ලිපිකාරිනියන්ගේ දර්ශන පටිගත කර ඇති බවත් ගිණුම් අංශයේ ප්‍රධාන ලිපිකාරිණියක් වන එම්.එල්.පුබුදුනී සකුන්තලා ලියනගේ මහත්මිය මේ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පරිපාලනයට දන්වා ඇති බව ද පොලීසිය අධිකරණයට දැන්වීය.

මේ සිද්ධිය නිසා මහජන සාමය කඩ වී ඇති බවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු සෙසු කාර්ය මණ්ඩලය 31 වනදා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බවද පොලීසිය අධිකරණයට දැන්වීය.

එමෙන්ම සැකකාර වෛද්‍යවරයා විසින් වර ද පිළිගෙන මේ සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂවරයාට ලිපියක් භාරදී ඇති බවත් එම ලිපිය රෝහල් අධ්‍යක්ෂවරයා විසින් පොලීසියට භාරදී තිබෙන බවත් අත්අඩංගුවට ගෙන තිබෙන සී.සී.ටී.වී කැමරාව පරීක්ෂණ සදහා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි පරිඝණක ප්‍රතිචාර සන්සද මෙහෙයුම් කළමණාකරු වෙත යවා එහි අඩංගු දර්ශන පිළිබද වාර්ථාවක් ලබා ගැනීමට නියෝග නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු නීතීඥ බුවනෙක රාජකරුණා මහතා කියා සිටියේ මහජන සාමය කඩවන කිසිදු ක්‍රියාවක් සිදුවී නැති බවත් වෛද්‍යවරයා විසින් රෝහල් අධ්‍යක්ෂවරයාට ලබා දුන් බව කියන ලිපිය බලෙන් ලබා ගත් එකක් බවයි. සැකකාර වෛද්‍යවරයා මේ සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති නිසා ඔහු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ සි.සී.ටී.වී කැමරා පද්ධතියේ දත්ත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි පරිඝණක ප්‍රතිචාර සන්සද මෙහෙයුම් කළමණාකරු වෙත යැවීමටත් සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.

අනුරාධපුර මුලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස විතාන මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ අධිකරණ කටයුතු භාර නිලධාරීන් වන 37675 සැරයන් කරුණාසිරි හා 33875 කොස්තාපල් හේරත් යන මහත්වරුන් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීය.

මේ සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු දුටු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිය මගින් ඊයේ (31) දිනයේ අධිකරණ කටයුතු භාරව පත්කර සිටි ප්‍රධාන නිලධාරියා අදාළ වෛද්‍යවරයා බන්ධනාගාර බස් රථය වෙත රැගෙන ඒම සිදුනොකර බන්ධනාගාර බස් රථය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවන දොරටුව අසලටම රැගෙන ගොස් නවතා බස් රථයට සැකකාර වෛද්‍යවරයා නංවා ගනු ලැබීය. සැකකරු වෙනුවෙන් අධිකරණයට පැමිණ සිටි මිතුරන් කිහිපදෙනෙකුගේ ඉල්ලීම මතමේ නිලධාරියා මේ ක්‍රියාව සිදුකරන අයුරුද අපට දැක ගත හැකිවිය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment