ලොකේ සංචාරකයෝ ලංකාවට එන්නේ ළමා ගණිකාවෝ හොයාගෙන

ලොකේ සංචාරකයෝ ලංකාවට එන්නේ ළමා ගණිකාවෝ හොයාගෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ,පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව ප‍්‍රකාශ කලේ වේයන්ගොඩ කටුවස්ගොඩ ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ අද ලංකාව ගොඩක් දේවවල් වලින් ෆස්ට් එකට ඇවිත් තියෙනවා. මොනවගෙන්ද මේ පළවෙනි තැනට ඇවිත් තියෙන්නේ? ඊයේ පෙරේදා ප‍්‍රවෘත්ති වලට පෙන්නුවා ඔයාලා බලන්න ඇති. අපි මොනවගෙන්ද ෆස්ට් එක කියලා. සෙකස් වලින් තමයි පළවෙනි තැන අරන් තියෙන්නේ. ලංකාවේ තරුණ තරුණියෝ ගුගල් එකේ ලිංගිකත්වය ගැන හොයන්න ගිහින් එකේන් ෆස්ට් එක අරන් තියෙනවා. ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න චීනේ. එහෙ වැඩි ජනගහණයක් ඉදලත් එහෙම නැහැ. නමුත් ලංකාවේ ඉන්නේ කෝටි දෙකයි. ඒත් ලංකාව සෙක්ස් වලින් ෆස්ට්.

 තවත් දේවල්වලින් ලංකාව පළවෙනි තැනට ඇවිත් තියෙන්නේ ලෝකේ වැඩිම ඇමති මණ්ඩලය සිටින රටත් ලංකාව වීමයි. එකෙනුත් පළවෙනි තැන. අනෙක් පැත්තෙන් ලොකේ කුඩු වලින් ෆස්ට්. කැසිනෝ වලිනුත් ෆස්ට් වෙන්න යන්නේ. එතනෝල් වලිනුත් ෆස්ට්. නාස්තියෙන් දුෂනයෙන් ෆස්ට්. නැව් එන්නේ නැති වරායෙනුත් ෆස්ට්. ලොකේ ළමා ගණිකාවෝ වැඩිම රට ලංකාව. ලොකේ සංචාරකයෝ ලංකාවට එන්නේ ළමා ගණිකාවෝ හොයාගෙන.


ළමා ගණිකාවක් අවශ්‍ය නම් ලංකාවට එන්න කියල තමා කියන්නේ. මේ ආණ්ඩුව සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හදන්නේ එහෙම. ඊට පස්සේ කටවුට් වලිනුත් ෆස්ට්. උපන් දිනේටත් කටවුට් දානවා. මැරුණාමත් දානවා. පිළිගන්ඩත් කටවුට් දානවා. එළවන්ඩත් කටවුට් දානවා. දැන් ඡන්දෙටත් කටවුට් දාලා තියෙන්නේ. හිනා වුණු මුහුණු දාගෙන දැන් ඉන්නවා හන්දි ගානේ මේ පාර ජන්දෙට නාම යෝජනා ගන්න. අපේ රටේ හොඳ දේකින් නෙමෙයි ෆස්ට් වෙලා තියෙන්නේ. අන්තර්ජාලේට ගියොත් ෆස්ට් වෙලා තියෙන්නේ නරක දෙයකින්. අද පාර්ලිමේන්තුව අරන් බැලූවත් එහෙමයි. අඩුම කාලයක් වැඩ කරලා ජිවිතාන්තය දක්වා පැන්ෂන් එක ගන්නවා. පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් ඉදල විශ‍්‍රම ගියාම පැන්ෂන් එකක් දෙනවා මැරෙනකම්ම බව ද ඔහු මෙහිදී පවසා සිටියා.

තවදුරටත් අදහස් දැක් වු හදුන්නෙත්කි මහතා පවසා සිටියේ ඕනම රටකට තියෙනවා බ‍්‍රැන්ඞ් එකක්. ලංකාව ප‍්‍රසිද්ධ වුනේ තේ කුඩු වලට. දැන් ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ කුඩු වලට. නිකන් නෙමෙයි. රාජ අනුග‍්‍රහය සහිතව.ලංකාව අද කඩු තිත්පොලක්. කුඩු එන්නෙත් රාජ අනුග‍්‍රහයෙන්. යන්නෙත් රාජ අනුග‍්‍රහයෙන්. කුඩු යන්නේ තානාතිපති බෑග් එකෙන්. එතනෝල් වලිනුත් ෆස්ට්.ආසියාවෙම එතනොල් මධ්‍යස්ථානය ලංකාව. ඒවා මෙහෙයවන නියෝජිතයෝ ඉන්නේ අද දෙමව්පිය්ට තමන්ගේ දරුවා පාසල් යවන්නේ කොහොමද කියලා හැමෝම කල්පනා කරනවා.මොන්ටිසොරි එකට තමන්ගේ දරුවා දා ගන්න ගියාම රු 6000 ක් ඕනා .පාසලට යන්න පොත් ගන්න ඕනා. බෑගයක් ගන්න ගියාම රු 2000 ක් ඕනා.සපත්තු ගන්න ගියොත් තවත් වැඩියි.ළමයි දෙන්නෙක් හිටියොත් තවත් අනාථ වෙනවා.එහෙම තත්වයක් අද තියෙන්නේ. අළුත් අවුරුදු නැහැ. අලූතින් රු 14000ක් විතර හොයාගන්න ඕනා ළමයි ඉස්කෝලේට දාන්න සිදු වී ඇති බව ද ඔහු පවසා සිටියා.

- See more at: http://onlinefirst.lk/?p=4372#sthash.ee9O8caV.dpuf

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment