පස් හැවිරිදි දරුවා කලිසමේ මලපහ කරගත්තැයි පුංචි අම්මා උණු වතුරෙන් පුච්චලා

මවුපිය රැකවරණ අහිමිවී පුංචි අම්මා ළග තනිවූ 5 හැවිරිදි දරුවෙකු ඔහුගේ කලිසමේ මලපහ කරගැනීම නිසා උරණ වූ පුංචි අම්මා පුතාගේ ඛෙල්ල ප්‍රදේශයට උණ වතුර වත්කර පුලුස්සා අත්වලට හා පාදවලට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් අලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දරුවාගේ මව උන්මත්තකව නිවෙසින් පිටවී ගොස් ඇති අතර, පියාද දරුවන් අතහැර ගොස් ඇති බව පොලිසිය කියයි. මේ දරුවා සහ ඔහුගේ 11 හැවිරිදි සහෝදරිය, සුළු මව ළග තනි වීමෙන් පසු පස් හැවිරිදි පුතාගේ කඳුළු කතාවට මැදිවී ඇත. සුළු මව පහරදීමෙන් සිදුවූ තුවාලවලට කුකුළු තෙල් තවරා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මිට සතියකට පමණ පෙර පිළිස්සීම සිදුකර ඇති බවට හෙළිව තිඛෙන අතර සිය පුංචි අම්මා තමාට උණුදිය වත්කර පිළිස්සූ බව දරුවා පොලිසියට පවසා තිඛෙනවා.දරුවාගේ පියා වෙන්ව යාම නිසා වෙන්වූ පියා ගේ තාත්තා විසින් මේ දැරිය හදාවඩා ගැනිමට රැගෙන ගොස් ඇතත් නැවත දරුවාගේ පුංචි අම්මා ඔහුව තම බාරයට ගෙන තිඛෙන බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ මගින් හෙළිවුණා.


පිළිස්සිමට ලක්ව ඇති දරුවාගේ මව විවාහ තුනක් සිදුකරගෙන ඇති අතර මේ දරුවා තෙවැනි පුරුෂයාගේ බවද ඔහු හැරයාමෙන් පසු විදෙස් රටක සේවයට යාමට දරුවා පුංචි අම්මාගේ බාරයට මව විසින් යොමුකර විදෙස් ගතව සිට ඇති බවද පොලිසිය පවසයි.

පසුව දැරියගේ මවට මානසික ආබාධයක් ඇති බව කියා මෙරටට එවා ඇත. දරුවාගේ මව උන්මත්තකව නිවෙසින් පිටවී ගොස් ඇත්තේ පසුවයි. මේ අනුව දැරිය පුංචි අම්මා බාරයේම හැදී වැඩී ඇති බව කියයි.

සිද්ධියට මැදිවූ 5 හැවිරිදි පිරිමි ළමයා අකුරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සුළු මව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. දැරියට උණු දිය වත් නොකළ බවත් එය වැරදීමකින් සිදු වූවක් බවත් සැකකාරිය පොලිසියට පවසා තිබේ.

දරු දෙදෙනා අතහැර උන්මත්කව පිටව ගිය බව කියන මව සොයා ගැනීම සඳහා අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පවත්වනවා.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment