පණුවන් ගැසූ හාල්මැස්සන් ටොන් 50ක් අත්අඩංගුවට

ආහාරයට නුසුදුසු පණුවන් සහිත දුගඳ හමන හාල්මැස්සන් ටොන් 50ක ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් අංශය මගින් ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීම් කරන විටත් හාල්මැස්සන් කිලෝ පහ මිටි 495ක් ගබඩාවේ සිට අලෙවි කිරීම සඳහා ව්‍යාපාරිකයාට අයත් තොග වෙළෙඳ‍පොළට යවා තිබේ.මෙම හාල්මැස්සන් සත්ත්ව ආහාර සඳහා යැයි කියමින් ඩුබායිවල සිට මෙරටට ගෙන්වා ඇති නමුත් පිටකොටුව වෙළෙඳ‍පොළේ කිලෝ එකක් රුපියල් 200 බැගින් හෝටල් සහ ආපනශාලා සඳහා අලෙවි කර ඇත.

මෙම හාල්මැස්සන් එතෙර සිට ගෙනෙන විටත් දුගඳ හමන තත්ත්වයේ තිබි ඇති අතර මාස හයක පමණ කාලයක් තිස්සේ හාල්මැස්සන් ශුද්ධ පවිත්‍ර කරමින් ආහාර පිණිස අලෙවි කිරීමට වෙළෙඳසලට යවා තිබේ.මෙම ව්‍යාපාරිකයා කන්ටේනර් තුන සහිතව ඉඩම බද්දට ගෙන මෙම ව්‍යාපාරය වසර ගණනාවක සිට කරගෙන යන ලද බව ද කියයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශයේ නිලධාරීන්ට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව වැටලීම සිදු කර ඇත.
තිළිණි මධුවන්ති

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment