බිරිද දරු දෙදෙනා ඝාතනය කර දිවි නසා ගනී

එංගලන්තයේ හැරෝ ප‍්‍රදේශයේ පදිංචි ශ‍්‍රී ලාංකික ගණකාධිකාරීවරයෙකුගේ 33 හැවිරිදි බිරිද සිය 5 හැවිරිදි සහ සත් මස් දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසා ගැනීමේ පුවතක් ලන්ඩන් පොලීසිය ඊයේ (10) හෙළිදරව් කළා. 

ශ‍්‍රී ලංකාවේ උපත ලබා මීට දස වසරකට පෙර එංගලන්තයට සංක‍්‍රමණය වූ ශක්තිවේල් වාගීස්වරන් නැමැති ශ‍්‍රී ලාංකිකයාගේ බිරිද සහ දරුවන් දෙදෙනාගේ සිරුරු උතුරු ලන්ඩනයේ පිහිටි ඔවුන්ගේ නිවසේ තිබී මෙලෙස සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ. 

ජෙයවානි නැමැති මෙම කාන්තාවට 2011 වසරේ දී දරු උපතක් අහිමි වී ඇති අතර, ඉන් පසුව ඉපදුණු ළදරුවා ද ඇය ඝාතනය කර ඇත්තේ මානසික අවපීඩනයක් නිසා යැයි සැක කෙරෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැක කටයුතු පුද්ගලයන් නොමැති බව ද ලන්ඩන් පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.
A father arrived home to find his wife had killed their two young sons before apparently killing herself, police revealed yesterday.Accountant Sakthivel Vageswaran, 36, found the bodies of five-year-old Anopan and eight-month-old Nathiban in black bin bags when he returned from work. Wife Jeyavani was also dead.Mr Sakthivel is said to be still 'screaming for his babies' and will not return to the family home in Harrow, North London.











IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment