ගීතාගේ විරෝධයක් නිසා නැවතත් කාලගෝට්ටියක්

බෙන්තර ඇල්පිටිය ආසන බල මණ්ඩල සංවිධායකවරුන් පත් කිරීම සඳහා ගීතා කුමාරසිංහ විසින් ඊයේ සංවිධානය කර තිබූ රැස්වීමක් කාලගෝට්ටියක් බවට පත් වුණා

බෙන්තර ඇල්පිටිය සඳහා සභාපතිවරිය ලෙස ගීතා කුමාරසිංහ පත්වූ අතර ලේකම්වරයෙකු පත්කරගැනීම සඳහා දකුණු පලාත් සභා මංත්‍රී අජිත් ප්‍රසන්නගේ නම යෝජනා වූ විට ගීතා එයට විරෝධතාව පල කිරීම ඊට හේතුවයි

විරෝධතාවයට හේතුව ලෙස ඇය සඳහන් කළේ අජිත් ප්‍රසන්න ගාල්ල දිස්ත්‍රික්කයෙන් පත්වූ අයෙකු බවත්, බෙන්තර ඇල්පිටිය සඳහා ඔහුගේ නම යෝජනා කළ නොහැකි බවත්ය.


"එතුමා සංධානයේ මංත්‍රී කෙනෙක් හැටියට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පත් වුණේ, ඒ නිසා මේ බල මණ්ඩලයේ එතුමාව දාන්න විදිහක් අපිට නෑ. එතුමා මගෙන් කවදාවත් සමාජිකත්වය අරගනත් නෑ. මේ බල මණ්ඩලයේ කිසිම ශාඛා සමිතියක ඔහු නෑ. ඒ නිසා ඒක අපිට ඉෂ්ට කරන්න බැරි වෙනවා."

ගීතා එසේ පැවසීමත් සමඟම සභාවේ කාලගෝට්ටියක් ඇතිවූයේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය පියසේනගමගේ හා සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල් කුරේද සහභාගීව සිටියදීය.

මීට පෙර ගීතා විසින් පො#න්නයා ලෙස බැන වැදුනේ මෙම අජිත් ප්‍රසන්නට වන අතර ගීතාට ගණිකාව යැයි කියා තිබුනේද මෙම අජිත් ප්‍රසන්නය

එම වීඩියෝව පහතින්.














-සම්බන්ධිත පුවත්-
1. මට "ගණිකාව" කිව්ව නිසයි "පො#නයා" කියලා බැන්නේ- ගීතා
2. මම නයිටිය පිටින් ඇවිත් ජනතාවට සේවය කළේ- ගීතා
3. නදීෂා නෙවෙයි ජුලියා රොබර්ට්ස් දැම්මත් දිනන්නේ මමයි- ගීතා
4. ලබන සැරේ මමත් පාර්ලිමේන්තුවට එනවා- ගීතා කුමාරසිංහ
5. දකුණු පලාත් සභාවට හීන දකින අනර්කලී හා ගීතා
6. ගීතාගේ කුණුහරුප (සංස්කරණය නොකළ දර්ශන)
7. ගීතාගේ විරෝධයක් නිසා නැවතත් කාලගෝට්ටියක්

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment