හිරු මෙගාබයිට් මිහිර සිරිතිලකට ප‍්‍රසිද්ධියේ වැඳ සමාව ගනී

ප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා සාපරාධි බිය ගැන්වීමකට ලක්කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ලකෑමට උත්සහ කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු ඊයේ  (21) මීගමුව ප්‍රධානා මහෙස්ත්‍රාත් ඒ.එම්.එන්.වි. අමරසිංහ මහතා ඉදිරිපිට විවෘත අධිකරණයේ දී මිහිරි සිරිතිලක මහතාට වැඳ ආචාර කොට සමාව ඉල්ලීමෙන් පසු සිද්ධිය සමථයකට පත් විය.

මෙම සිද්ධියෙන් චෝදනා ලැබ සිටියේ සෙවන හැන්දිගේ සනෝජ් ප්‍රනාන්දු වර්ණ කුලසූරිය, සිල්වගුරුගේ ප්‍රැට්‍රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල යන සැකකරුවන් තිදෙනා වෙති.

කොච්චිකඩේ ප්‍රදේශයේ ඉකුත් වසරේ අගෝස්තු 01 වෙනිදා පුද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් විකාශය කරනු ලබන 'මෙගාබයිට්' නැමැති වැඩ සටහන වෙනුවෙන් මිහිරි සිරිතිලක මහතාට මරණීය තර්ජනය කරමින් ඔහුගේ බිරිඳට දුරකතනයෙන් කථා කොට කප්පම් ඉල්ලමින් හා මිහිරි සිරිතිලක මහ පාරේ දණගස්වමින් ඒ සියල්ල මෙම කණ්ඩායම රූපගත කර ඇතැයි කොච්චිකඩේ පොලිසිය සැකකරුවන්ට එරෙහිව ගොනුකළ චෝදනා පත්‍රයේ සඳහන්ය.


සිද්ධිය සමථයකට පත් වීමෙන් පසු විත්තිකරුවන් ඇමැතූ මහේස්ත්‍රාත්වරයා නැවත වරක් මෙවැනි දෙයක් නොකරන ලෙසට අවවාද කළේය.

අගතියට පත් මිහිරි සිරිතිලක මහතා වෙනුවෙන් නීතිඥ නෙල්සන් පී. කුමාරනායක මහතා පෙනී සිටි අතර කොච්චිකඩේ පොලිසිය වෙනුවෙන් පොලිස් සැරයන් 3166 කරුණාසේන මහතා සහ පොලිස් කොස්තාපල් 31848 සුදත් මහතා ඉදිරිපත් වූහ. විත්තිය වෙනුවෙන් නීතිඥ සඳරුවන් රොඩ්රිගෝ මහතා හා නීතිඥ ප්‍රියංගන ප්‍රනාන්දු මහත්මිය පෙනී සිටියහ.

සබැදි පුවත්

1.මිහිරි සිරිතිලක පැහැර ගෙන දසවද දෙති - Hiru TV Mega Bite Mihira Sirithilaka
2.මිහිරට දස වද දුන් 'හිරු මෙගාබයිට්' කණ්ඩායමේ තිදෙනක් රිමාන්ඞ්
3. මිහිරගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා හිරු ටී.වී. 'මෙගාබයිට්' නවතා දමයි


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment