භූ කම්පන ඇතිවීම හා විවිධ ආලෝකයන් අහසේ දර්ශනය වීම් අතර සම්බන්ධය සොයාගනී !

භූ කම්පනයක් ඇතිවීමට පෙර අහසේ විවිධ වර්ණයෙන් යුත් ආලෝකයන් දක්නට ලැබෙන බව අසන්නට ලැබේ.

මේවා Earthquake light ලෙස හඳුන්වන අතර භූ කම්පනයක් වීමට පෙර හෝ එය සිදුවන අතරතුරේ දර්ශනය විය හැකි වුවද ඇතැම් විට කලාතුරකින් භූ කම්පනයකින් පසුවද දක්නට ලැබිය හැක.

එම නිසා භූ කම්පනයක පෙරනිමිති ලෙස මේවා යොදාගත හැකි බවට විද්‍යාඥයින් විසින් අවබෝධ කරගන තිබෙන අතර ඒ පිළිබඳව අධ්‍යයනය කළ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම විස්තර දක්වා භූ කම්පන පිළිබඳ විද්‍යා සඟරාවක 2014 ජනවාරි/පෙබරවාරි කලාපයට ලිපියක් ලියා තිබේ.


2008 වසරේ චීනයේ Sichuan ප්‍රදේශයේ සිදුවූ භූකම්පනයට විනාඩි 30කට පෙර විවිධ ආලෝකයෙන් යුත් වලාකුළු අහසේ දර්ශනය වී තිබේ.

එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.





පසුගිය වසරේ මාර්තු මාසයේ ජපානයේ ඇතිවූ භූ කම්පනයක් සිදුවන විට එය වීඩියෝ කරමින් සිටි NHK රූපවාහිනී නාලිකාවේ කැමරා ශිල්පියා හට එක්වරම විශාල ආලෝකයක් දක්නට ලැබූ අතර එය බොහෝ දෙනාට ගැටළුවක් විය

එම වීඩියෝව පහතින්.






2009 වසරේ ඉතාලියේ L'Aquila ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනයට මොහොතකට පෙර ද අඟල් 4ක් පමණ උස ගිනි දැල් පාර අය්ටිනේ අතුරා තිබූ ගල් අතරින් මතුවූ බව පාරේ ගමන් කරන්නන් විසින් දැක තිබේ.

1988 වසරේ කැනඩාවේ Quebec නගරයේ ඇතිවූ භූ කම්පනයට දින 11කට පෙර දම් පැහැති ආලෝකයන් අහසේ ගමන් කරන බව ප්‍රදේශවාසීන් දැක තිබේ.

1906 දී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට කිලෝමීටර් 100ක් පමණ දුරින් සිටි කාන්තාවක් විසින් දින දෙකක රාත්‍රියේදී පොලව මතුපිටින් ආලෝකයන් ගමන් කරනු දැක තිබුනේ භූ කම්පනයක් නිස එම මුළු නගරයම විනාශ වීමට පෙරයි

1600 වසරේ සිට මේ දක්වා ඇමරිකාවේ හා යුරෝපයේ පමණක් භූකම්පන වලට පෙර මෙලෙස ආලෝකයන් දර්ශනය වීම් 65ක් පමණ වාර්තා වී තිබේ. ඒවායින් 85%ක්ම දර්ශනය වී ඇත්තේ භූ පැලිම් ඇති ප්‍රදේශ වලය.

2007 වසරේ පේරු රාජ්‍යයේ ඇතිවූ රික්ටර් මාපක 8ක භූ කම්පනයේදී ආරක්ෂිත කැමරා රාශියක මේ ආකාරයෙන් ආලෝකයන් දර්ශනය වීම් පටිගත වී තිබේ. එමෙන්ම ඇසින් දුටු වාර්තා රාශියක් ද තිබේ. එම ජායාරූපයක් පහතින්.



මෙම ආලෝකයන් උපයෝගී කරගන ප්‍රධාන භූ කම්පන වල අනාවැකි දිනකට පමණ පෙර නිවැරදිව කිව හැකි බවයි කැනඩාවේ Quebec හි ස්වභාවික ව්‍යසනයන් පිළිබඳ ඇමතිවරයා පවසන්නේ.

Mountain View, Calif හි San Jose විශ්වවිද්‍යාලයේ මහාචාර්යවර්යෙකු වන Friedemann Freund පවසන්නේ මෙවන් සංසිද්ධීන් ඉතා සුවිශේෂී බවත්, දුර්ලභ බවත්ය.

එමෙන්ම භූ කම්පනයක් ඇතිවන විට භූ තැටිය හරහා ගමන් කරන අධික ශක්තියකින් යුත් භූ කම්පන තරංග මතුපිට පෘෂ්ඨයේ ආතතියකට ලක්වී ඇති ගල් වල වැදීම නිසා එම කම්පන තරංග වල වේගයත්, පීඩනයත් නිසා විශාල ධන හා සෘන ලෙස ආරෝපනය වන බවයි ඔහු පවසන්නේ.

එම අයන එකිනෙක හා හුවමාරු වී ස්ථායි වීම ප්ලාස්මා තත්ත්වය ලෙස හඳුන්වන අතර එවිට ආලෝකයක් ඇතිවේ. ඇතැම් අවස්ථා වලදී මෙම ආලෝකයන් පිටසක්වල යානා ලෙස වරදවා වටහාගන්නා බවද මහාචාර්ය වරයා පවසයි.

2001 වසරේ ජපානයේ ගිනි කන්දක් පිපිරෙන අවස්ථාවේ ඒ අසල විශාල එළියක් දක්නට ලැබුණි. එම අවස්ථාවේ ගත් ජායාරූපයක් හා වීඩියෝවක් පහතින්.





රාජ්‍යයේ භූ කම්පනයටකට පෙර දක්නට ලැබුණු ආලෝකයන්ගේ ජායාරූපයක් පහතින්.


1972 හෝ 1973 වසරේ ජූලි 01 වෙනිදා ඇමරිකාවේ Yukon-Alaska දේශසීමාව ආසන්නයේ වූ Tagish විලට ආසන්න ස්ථානයක භූ කප්ම්පනයක් ඇතිවන විට දර්ශනය වූ ආලෝකයන් පහතින්.


පසුගිය වසරේ මාර්තු මාසයේ භූ කම්පනයකින් පසු ජපානයට ආ සුනාමියට දිනකට පෙර එම ප්‍රදේශ වල රාත්‍රී අහසේ විවිධ ආලෝකයන් දක්නට ලැබුණු බව වාර්තා වේ.

මෙතෙක් කලක් භූ කම්පන සිදුවන අවස්ථා වලදී අහසේ දක්නට ලැබෙන ආලෝකයන් පිටසක්වල යානා ලෙස හැඳින්වූඋ අතර මෙම නව විද්‍යාත්මක පැහැදිළිකිරීම අනුව ඒවා භූ කම්පනය නිසා ඇතිවන ආලෝකයන්ය.

නමුත් ගැටළුව වන්නේ පසුගිය වසරේ ජපානයේ භූ කම්පනයක් සිදුවීමෙන් පසු සුනාමිය පැමිණෙන අවස්ථාවේ ගුවනින් ගත් වීඩියෝ වල වේගයෙන් ගමන් කරනා හඳුනා නොගත් පියාසර වස්තුවක් සටහන්ව තිබීමයි.

ගුවනේ සිට ගත් ජායාරූප වල පහතින් හඳුනා නොගත් පියාසර වස්තුවක් ගමන්ගන්න අයුරුද සටහන් වූ වීඩියෝවක් පහතින්.






මේ අතර ගිණි කඳු පිපිරීම්, භූ කම්පන, සුනාමි ආදී පෘතුවියට සිදුවන ව්‍යසනයන් වලදී අඳුනා නොගත් පියාසා වස්තූන් අහසේ දිස්වන බවටද මත ගොඩ නැඟී තිබේ. ඒවායේ වාර්තා එකතුවක් සහිත Ancient Aliens වීඩියෝව පහතින්.

Aliens and Mega Disasters සම්පූර්ණ වීඩියෝව නැරඹීමට මෙතනින්.





IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment