බස් අනතුරක්, 67කට තුවාලයි - Two buses crash head on in Pasyala; 1 dead 67 injured

"බස් දෙකේ රියැදුරෝ අත්අඩංගුවට"
පස්යාල කලල්පිටියේදී ඊයේ (17 ) සවස 3.30ට පමණ පෞද්ගලික බස්රියක් ලංගම බස්රියක් හා මුහුණුට මුහුණලා ගැටී සිදූ වූ අනතුරකින් එක් අයකු මිය ගොස් හැත්තෑවක් පමණ දෙනා තුවාල ලැබූ අතර කොළඹ මහනුවර මහා මාර්ගයේ ගමනා ගමනය පැය දෙකකටත් වැඩි කාලයක් බාධා පැමිණියේය.

කොළඹ සිට මාදුරුඔය බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බසයක් හා බිබිල සිට කොළඹ බලා එමින් තිබූ ලංගම බස් රථයක් මෙසේ අනතුරට පත්වීමෙන් පැය දෙකකටත් වැඩි කාලයක් තිස්සේ එම මාර්ගයේ ගමනා ගමනයට දැඩි බාධා පැමිණි අතර නිට්ටඹුව පොලිසියේ නි‍ලධාරීන් එම බාධාවන් ඉවත් කිරීමට වෙහෙසෙනු දැකිය හැකි විය.

තුවාලකරුවන් වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කැර ඇති අතර එක් මගියකු එහිදී මරණයට පත්වී ඇත. බරපතල තත්ත්වයේ පසුවෙන තවත් තුවාලකරුවන් තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට මාරු කැර යවනු ලැබූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. බස්රථදෙකේ රියැදුරන් දෙදෙනාද තුවාල ලැබූවන් අතර වෙති. මෙයට අමතරව තවත් මගීන් කිහිප දෙනෙක් බාහිර ප්‍රතිකාර ලබා ඇති බවද අනාවරණය විය.


තුවාලකරුවන් අතර වයෝවෘද්ධ කාන්තාවක වැඩිහිටි තරුණ අයවලූන් හා දරුවන් කිහිප දෙනකුද වන බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. මියගිය අය කවුරුන්දැයි ඊයේ පස්වරු 5 පමණ වනවිට හඳුනාගෙන නොතිබුණි. ඔහු හඳුනා ගැනීමට හැකි කිසිදු තොරතුරක් නොලැබුනු බව පොලිස් ප්‍රකාශකයෙක් කීය.

බස් රථ දෙක ගැටීමෙන් පසු ඉවතට ගත් තුවාලකරුවන් රෝහල් ගත කිරීමට විනාඩි ‍පහලොවක් පමණ වේලා ගත වූ බවත් ඒ අවස්ථාවේදී පාරේ ආ වෙනත් වාහන උදව් නොකළ බවත් එහි සිටි මගීහු කීහ.

පාර හරහා පාපැදියක් ගමන් කළ නිසා නුවර පාරේ වාහන නවතාගෙන සිටි ඇති බවත් ඒ අවස්ථාවේදී පෞද්ගලික බස් රථය අනෙක් වාහනවලට ඉස්සර කරද්දී ලංගම බසයේ ගැටී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙලි වී ඇත. එමෙන්ම ලංගම බස්රිය පාර අයිනේ තණකොල ගැට්ටේ නවතාගෙන සිටියදී අනතුරට ලක්ව ඇති බව හෙලිවී ඇතැයිද පොලිසිය කියයි.

පෞද්ගලික බස්රියේ රියැදුරු අසුනට පිටුපස අසුනේ අතදරුවකු සමග ගමන් කැර ඇති තරුණ මවක හා එම දරුවා අනූනවයෙන් බේරි තිබිණ. තරුණ මව හා අත දරුවාද සුලු තුවාල ලබා සිටිනු ඒ ස්ථානයේදී දැක ගත හැකි විය.මේ බිහිසුනු අත්දැකීමට මුහුන දුන් පොලොන්නරුවේ පදිංචිකාරියක වන හෂිනි සංජීවනී (22) මහත්මිය මෙහීදී ප්‍රකාශ කලේ හාස්කමකින් මෙන් තමා හා දරුවාගේ දිවි බේරුනු බවයි. වැඩිදුර කතා කිරීමට නොහැකි තරමට ඇය වික්ෂිප්තව සිටියාය.

නිට්ට්ඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් වි‍ෙජ්සේකර මහතාගේ මෙහෙයවීම මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුසනත උප පොලිස් පරීක්ෂක ප්‍රැට්‍රි‍ක් මහත්වරු ඇතුලූ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

Two buses collided head on in the Pasyala at around 4pm this evening (January 17) killing one persona and injuring 67 persons, the police Spokesman stated.

A private bus was travelling from Nittambuwa to Maduru Oya while the SLTB bus it collided with was travelling from Kurunegala to Colombo.

The injured persons were taken to the Wathupitiwala hospital, police Media Spokesman's Office reported.

One of the injured persons was transferred to the General Hospital in Colombo.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment