14 කොල්ලා 10 කෙල්ලන් 3කට හදි කරලා

හලාවතට නුදුරු පාසලක වයස අවුරුදු 10ක සිසුවියන් තිදෙනකු පාසල් වේලාවෙන් පසු සෙල්ලම් කරමින් සිටියදී විටින් විට අපයෝජනයට ලක්කර ඇතැයි කියන 14 හැවිරිදි පාසල් සිසුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවැසුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකටයුතු පාසල් ශිෂ්‍යයා පොලිසිය සොයමින් සිටියදී ඊයේ උදේ වැඩිහිටියකු මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි.අදාළ පාසල් සිසුවියන් තිදෙනා එකම පාසලක එකම පන්තියේ ඉගෙනුම ලබන බව පොලිසිය පැවැසීය.ඔවුන් පාසල් වේලාවෙන් පසු සෙල්ලම් කරමින් සිටියදී පැමිණෙන සැකකරු විටින් විට එක් සිසුවියක බැගින් කැඳවාගෙන ගොස් අපහරණය කර ඇතැයිද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මෙය සිදුවී ඇති අතර එම සිසුවියන් තිදෙනා අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුළත් කොට තිබේ.මේ සැකකටයුතු 14 හැවිරිදි පාසල් ශිෂ්‍යයා කිසියම් වැඩිහිටි අඹු-සැමි යුවළකගේ අසැබි දර්ශනයක් දැක නොමඟ ගියේද යන්න ගැන පොලිසියට සැක මතුවී තිබේ.ඒ පිළිබඳ හෙළිවී ඇති තොරතුරක් පිළිබද හලාවත පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment