බස් - දොස් Skype තාක්ෂණයෙන්

පෞද්ගලික බස් රථවල සිදුවන වැරදි සම්බන්ධ පැමිණිලි 071 - 6550000 යන ක්ෂණික දුරකථන අංකයටත් privatetransportservices ස්කයිප් ලිපිනයට ඉදිරිපත් කිරීමටත් දැන් ඔබට හැකිය. මේ සඳහා වන පැමිණිලි ඒකකය හා අමාත්‍යාංශයේ තොරතුරු ඇතුළත් www.ptsmin.gov.lk යන වෙබ් අඩවිය පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක මහතා විසින් අමාත්‍යාංශයේ දී විවෘත කෙරිණි.

ස්කයිප් හා දුරකථන අංකය හරහා කෙරෙන පැමිණිලි පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ ඉදිකර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත්, පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිවලටත් හා පොලිස් රථ වාහන අංශයටත් යොමු කර තාක්ෂණික විසඳුම් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව පැවසූ පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කළේ කුමන බාධක පැමිණියත් ගුණාත්මක හා ආරක්ෂාකාරී ප්‍රවාහන සේවාවක් සැපයීම සඳහා මෙම මස 15 වැනිදා සිට බස් රථ ඒකාබද්ධ කාල සටහනකට අනුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා, අමාත්‍යාංශ උපදේශක නිහාල් ප්‍රේමසිංහ මහතා හා අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සම්පත් ගුණරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී විය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment