පේරාදෙණි පර්යේෂණය සාර්ථකයි " ටැංකි සුද්දා උම්බලකඩට " scavenger (tank cleaner) Dried fish

ටැංකි මාළුවා වශයෙන් පොල්ගොල්ලේ මහවැලි ජලාශයේ ධීවරයන් විසින් හැඳින්වෙන ටැංකි ශෝධක නම් මාළුවන් ගෙන් කරවල උම්බලකඩ හා සැමන් නිෂ්පාදනය කළ හැකි බව පේරාදෙනි විශ්ව විද්‍යාල කෘෂිකර්ම පීඨ ධීවර අංශය කියයි.

නිවෙස්වල මාළු ටැංකි සුද්ධ කිරීම සඳහා යොදා ගත් ස්කැවෙන්ජර් නම් මාළුන් පස් වසරකට පමණ පෙර පොල්ගොල්ලට දමන්නට ඇතැයි ද දැන් එහි එම මාළුන් ගහනය බෙහෙවින් වැඩි වී දැලක් දැමූ විට මිරිදිය මාළුන් තිදෙනකු අසුවන විට ටැංකි මාළුන් විස්සක් පමණ අසුවෙතියි ධීවරයෝ කියති.මෙම මාළුන් සෙසු මාළු බිත්තර හා පාසි ආදී දේ කා දැමීම නිසා වෙනත් මාළුන්ගේ බෝවීමද සීමා වී ඇතැයි ද දැල් පවා ඉරී යතියි ද ධීවරයෝ කියති.
ඇතැම්විට ටැංකි මාළුවා අඩි දෙක හමාරක් දිගට වැඩෙන බව ද ඔවුන් සඳහන් කරති.දැල්වලට අසුවන මාළුන් කෑමට නොගන්නා බවත් ඔවුහු පවසති.පේරාදෙණි සරසවි පර්යේෂකයන් පවසනුයේ රජයෙන් හෝ පළාත් සභාවෙන් ව්‍යාපෘතියක් අරඹතොත් ඊට අවශ්‍ය සහාය දීමට හැකි බවයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment