රත්තරන් ආණ්ඩුවට !

එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් මෙම මස අවසානයේදී ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

රත්තරන් යනු කලකට ඉහතදී යුධ හමුදා සෙබලෙකු වන අතර එහිදී සතුරු ප්‍රහාරයක් හමුවේ අසරණ වූ ඔහු, අත්භූත බලවේගයක් මගින් ඔහුගේ දිවි බේරාගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව රත්තරන් එම අත්භූත බලවේගය විසින් ලබා දුන් බලය මගින් දකුණු පළාතේ දේවාලයක් (බටදුව ශ්‍රී විෂ්ණු දේවාලය) ආරම්භ කල අතර එම දේවාලයද හාස්කම් සහිත එකක් බව පැවසුනි. එහෙයින් රත්ත්රන්ගේ දේවාලයේහි රටේ ඉහලම ප්‍රභූ නායකයාද දායකයෙක් වී සිටියේය.

දේවාලයෙන් එකතු වූ විශාල ධනස්කන්දය ඔහු නිර්ලෝභීව ජනතාව වෙනුවෙන් වියදම් කල අතර ගාලු දිස්ත්‍රික් ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔහු වියදම් කලේ එම මුදල්ය.

නමුත් කාලයක පටන් එක්සත් ජාතික පක්ෂය පිලිබඳ කලකිරීමට පත් රත්තරන් විසින් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව මාතර පැවති විරෝධතා පාගමන ආරම්භයේදී මෛත්‍රි ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතාගේ වෙඩි පහරකින් තුවාල ලැබූ රත්තරන්ගේ සුව දුක් විමසීමට රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදී කරාපිටිය රෝහළට ගොස් තිබූ නමුත් ඔහු රෝහලෙන් පැමිණි පසු නිවසට නොපැමිණීම රත්තරන්ගේ හිත් අමනාපයට හේතු වී තිබේ. 

රනිල් රත්ත්රන්ගේ නිවසට නොපැමිණීය නමුත් ජනාධිපතිවරයා නිවසටම පැමිණ රත්තරන් ගේ දුක සැප සොයා ඇත. විපක්ෂ නායකවරයා තමා පිලිබඳ සොයා නොබැලුවත් ජනාධිපතිවරයා හා ආර්යාව ඔහු පිලිබඳ නිතර සොයා බලන බව රත්තරන් විසින් ඔහුගේ හිතවතුන්ට පවසා ඇත. 

මේ අනුව රත්තරන් ගිය පසු හිස්වන බද්දේගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරය හේමකුමාර නානායක්කාර ගේ නීතිඥ තාරක හට ලබාදීමට සුදානමක් ඇතිබව වාර්තා වේ. රත්ත්රන්ගෙන් හිස්වන පුරප්පාඩුව වසා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් මිස්සක සමුහ ව්‍යාපාරයේ හිමිකරු චනද්‍රලාල් අබේගුණවර්ධන දකුණු පළාත් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය. චන්ද්‍රලාල් අබේගුණවර්ධන 1999, 2000, 2001 වසර තුනේදීම හොඳම ගොවියා ලෙස සම්මානයට පාත්‍ර වූ අයෙකි. 

මෙයට සති දෙකකට පමණ ඉහතදී දකුණු පළාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා පවසා සිටියේ රත්තරන් ආණ්ඩුවට පැමිණියොත් ඔහු සමග එක්වී ජන්දය ඉල්ලන බවය. 

" ක‍්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්තරං) එජාප පළාත් සභා මන්ත‍්‍රිතුමා මගේ හොදම යාළුවෙක්. දේශපාලන පක්ෂ භේදයකින් තොරව මම ඔහු ඇසුරු කරනවා. ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදි ඔහු පක්ෂය මාරුකර අපේ පැත්තට ආවොත් ඔහු සමග එකට එකතු වී මැතිවරණ ව්‍යාපාරය කරනවා"

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment