දිව්‍යානි අත්අඩංගුවට ගැනීමත් සමඟ ඉන්දියාව හා ඇමරිකාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුම්

ඇමරිකාවේ සිටින නියෝජ්‍ය ඉන්දීය තනාපති නිළධාරිනිය ඇමරිකාව විසින් අත් අඩංගුවට ගැනීම මත මේ වනවිට ඉන්දියාව හ ඇමරිකාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුමක් හටගෙන තිබෙනවා.

Devyani Khobragade නම් වූ මෙම නිළධරිනිය විසින් වීසා බලපත්‍රයක අසත්‍ය තොරතුරු දැක්වීමේ හා සිය නිල නිවසේ සේවය කරන ගෘහ සේවිකාවට ඇමරිකාවේ ගෙවිය යුතු අවම වැටුප නොගෙවීම මෙලෙස අත් අඩංගුවට ගැනීමට හේතුවයි.

අත් අඩංගුවට ගත් ඇයව ඇමරිකානු ඩොලර් 250,000ක ඇප මත නිදහස් කර තිබෙන අතර මෙම විභාගයේදී වරදකරු වුවහොත් ඇමරිකානු නීතියට අනුව ඇයට වසර 15ක සිර දඬුවමක් ද හිමිවනු ඇති.


ඇමරිකානු නීතිය අනුව අවම වැටුප ලෙස පැයකට ඇමරිකානු ඩොලර් 3.31ක් ගෙවිය යුතු අතර එම මුදල නොගෙවීමට අමතරව පැය 40කට වඩා වැඩි කාලයක් ද වැඩ කිරීමට එම සේවිකාවට සිදුවී තිබෙන බව සඳහන්.

මෙම හේතුව නිසා නවදිල්ලි නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ලබාදී තිබූ ආරක්ෂාව ඊයේ ඉන්දියාව ඉවත් කලා.

ඊට අමතරව ඉන්දියාවේ රැඳී සිටින ඇමරිකානු තනාපති නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල් වල සමාජිකයන්ට මුක්තිය දීම සඳහා නිකුත් කර තිබූ හැඳුනුම්පත්ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නැවත ලබාගන තිබෙන අතර ඇමරිකානු තානාපති කාර්යාලයට අදාල සියළුම රේගු නිෂ්කාශන කටයුතුද අත් හිටවූ බව සඳහන්.

දිව්‍යානි අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑමක් ලෙස මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් හමුවීමද රාහුල් ගාන්ධි විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.










IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment