වැලිකඩ බන්ධනාගාරයේදී සමන් ද සිල්වාට එල්ලවූ ප්‍රහාරයේ ඇත්ත කතාව

වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගාවලියෙන් පසු පැවති සංගීත සංදර්ශන යේදී ගායක සමන් සිල්වා හට දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ විසින් සිදුකල පහරදීමක් සම්බන්ධයෙන් සමන් ද සිල්වා බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ගොනුකොට තිබෙනවා. 

බන්ධනාගාර බුද්ධි ඒකකය මගින් සංවිධානය කල දීප ව්‍යාප්ත පාපන්දු තරඟයක අවසන් මහා තරඟය නිම වීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය තුලදී මෙම සංගීත සංදර්ශනය පවත්වා ඇත. එයට මුල්‍යමය ප්‍රතිපාදන නොමැතිවම "සමන් ඇන්ඩ් ක්ලැන්" සංගීත කණ්ඩායම සහභාගිවී ඇත. 

අවසාන තරඟයෙන් පසුව සංගීත සංදර්ශණය නැරඹීමට එහි වව්නියාවේ සිට තංගල්ල දක්වා වූ බන්ධනාගාර වල නිලධාරින් සහභාගිව සිට ඇත. බන්ධනාගාරයට කිසිසේත් අදාළ නොමැති දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ සහ තවත් ව්‍යාපාරිකයන් පිරිසක් එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි ඇති අතර පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරයාගේ මාධ්‍යය ලේකම්වරයාද එයට සම්මාදම් වී තිබේ. 

වේදිකාවේ ගීත ගැයූ සමන්ද සිල්වා එම උත්සවයට චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරයා නැති අඩුව කීමට යාමේදී බිංදු වීරසිංහ විසින් ඔහුගේ බඩට පහරක් එල්ලකොට තිබේ. එම ගැටුම වැලකීමට සහකාර බන්ධනාගාර අධිකාරි ප්‍රියංකර මහතා ඉදිරිපත්වී ඇතිඅතර ඔහුට එම අවස්ථාවේදී බිංදු සමග මත්පැන් පානය කරමින් සිටි චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරයාගේ මාධ්‍යය ලේකම්වරයා විසින් පහරදී ඇත. 

ඒ අනුව බොරැල්ල පොලීසියට සමන් ද සිල්වා සහ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා පහරදීම සම්බන්ධව පැමිණිලි දෙකක් ගොනුකොට තිබෙනවා. එම ගැටුම සිදුවන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරියෙකුට ඇමති මාධ්‍යය ලේකම් විසින් සිදුකල පහරදීමෙන් අනෙකුත් බන්ධනාගාර නිලධාරීන් නොසන්සුන් වී ඇතිඅතර බන්ධනාගාර නිලධාරින් සහ ඇමති ගෝලබාලයන් අතර ඇතිවීමට ගිය දරුණු ව්‍යවසනයක් වැළකී තිබේ. 

බිංදු වීරසිංහ එම ස්ථානයට ගෙන්වූ බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක අංශය නමින් පිහිටුවාගත් (නීත්‍යනුකුලව පිහිටුවාගත් එකක් නොවන අතර, එම ඒකකය ව්‍යවස්ථාවලියට පටහැනිය) ඒකකයක් විසින් අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත්කොට තිබේ. 

වීරයෙකු මෙන් බන්ධනාගාර සහකාර අධිකාරිවරයාගේ කම්මුල් දෙකටම පහර ගැසූ මාධ්‍යය ලේකම් වන නිරෝෂන් නම් තැනැත්තා බන්ධනාගාර නිලධාරීන්ගේ හූ හඬ හා වීරෝධය මැද්දේ බන්ධනාගාර පාසලට ගොස් සැඟවී සිට ඇත. 

මෙම පහරදීම තුලින් බන්ධනාගරයතුල සිදුවන තවත් එක් අඳුරු පැතිකඩක් හෙළිකොට තිබේ. එනම් බන්ධනාගාර නිලධාරීන් විසින් දේශපාලනඥයන් , ව්‍යාපාරිකයන් බන්ධනාගාරයට ගෙන්වා සිදුවන මධුවිත සප්පායමයි. මෙයට මුල්වී ඇත්තේ පෙර සඳහන් කල බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක ඒකකය ය. 

කුඩු ව්‍යාපාරිකයන්, මිනීමරුවන් ළඟ තබාගෙන් සිටින දේශපාලඥයන් මෙසේ බන්ධනාගාර තුලට වී බන්ධනාගාර තුලට වී මධුසාද වල නියැලෙන්නේ නම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් සදාහරන සේවයක් බලාපොරොත්තු වන්නේ කෙසේද?

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment