ජනාධිපති මාධ්‍ය ඒකකයේ අයෙක් කැමරාවක් සොරකම් කර හසුවෙයි

පසුගියදා දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ජනාධිපතිවරයා සමඟ ලංකාවට එමින් සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ කැමරා ශිල්පියෙකු විසින් ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී කැමරාවක් සොරකම් කර තිබේ.

ඇමෙරිකා ඩොලර් 2325ක් පමණ වටිනා එම ආරක්ෂක වීඩියෝ කැමරාව සොරකම් කරන අයුරු එහි සේවකයන්ද දැක ඇති අතර එහි වූ ආරක්ෂිත කැමරාවන්හිද සටන්ව තිබී ඇත.


සොරකම් කර කැමරාව තම කැමරා බෑගයේ මෙම කැමරාව සඟවාගෙන යද්දී හසුවී ඇති අතර අනතුරුව ඔහු අත් අඩංගුවට ගෙන පසුව මුදා හැර ඇත.

ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කෙන්නියාවට ගිය මාධ්‍ය කණ්ඩායමේ කෙනතු බව දැන ගැනීමෙන් පසු ජනපතිට ඇති ගෞරවය හා සැලකිල්ල නිසාය.

පසුව කොළඹට පැමිණීමෙන් පසු ඔහු සේවයෙන් ඉවත් කර තිබේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment