මවක් පවුල් සැලසුම් එන්නත විෂ වි මරණයට

24 හැවිරිදි එක්දරු මවක් එන්නතක් විෂ වි මරණයට පත් වීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන පවුල් සැලැසුම් එන්නතක් වන depo tone එන්නත භාවිතය හා අලෙවිය අඟහරුවාදා (24) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පුරා සම්පූර්ණයෙන් නවතා දැමීමට විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කළ බව ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

කල්පිටියේ පදිංචි 24 හැවිරිදි මවක් වන මේරි නිරෝමා නැමැති කාන්තාව සඳුදා(23) සවස කල්පිටිය දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී මෙම depo tone නැමැති පවුල් සැලැසුම් එන්නත එන්නත් කර ගැනීමෙන් පසු මරණයට පත් වීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක පරිදි ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලූම ඖෂධ සැල් හා පුද්ගලික ප්‍රතිකාර ස්ථානවල දැනට තිබෙන මෙම එන්නත ඖෂධ අධිකාරියේ නිලධාරීන් මගින් එම නිලධාරීන් භාරයට ගැනීමට නියෝග කර ඇති බව ද වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා වැඩිදුරටත් පවසයි.

මෙම සිද්ධීය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍ය කණඩායමක් පත් කර ඇති බවත් එම කණ්ඩායම කල්පිටිය අදාළ සිද්ධීයට තුඩු දුන් වෛද්‍ය මධ්‍යස්ථානය දැඩි පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරන බව ද මිය ගිය කාන්තාවගේ පවුලේ අය හමු වී තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බව ද පැවැසී ය.


මෙහිදි වෙනත් පවුල් සැලැසුම් එන්නතක් ලබා ගැනීමට ජනතාවට හැකියාව තිබේ දැයි යන්න පිළිබඳ කළ විමසුමේ දී අධ්‍යක්ෂවරයා පවසා සිටියේ රජය මගින් නිර්දේශ කළ වෙනත් එන්නත් තිබෙන බවත් ඒ නිසා ජනතාව බියට පත් නොවිය යුතු යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

කීර්ති ශ්‍රී බඹරබැද්ද පුත්තලම විශේෂ
A 24 year old mother of a child has died after taking an injection for family planning from a private medical centre in Kalpitiya, Vanni Mundalama.

This incident has taken place at the private medical center of the DMO in Kalpitiya last night.She has got unconscious after the injection and had been admitted to the base hospital where she has passed away. The public has got turbulent to hear the news and therefore, the doctor has been given Police protection.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment