මධුමාධව මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කොළඹ මහනගර සභාවට මන්ත්‍රී තේරී පත්වු මධුමාධව අරවින්ද මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීය. ඒ අනුව මෙවර පළාත් සභා මැතිවරණය‍ට ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන බව දැන් පැවැත්වෙන පුවත්පත් සාකච්ඡාවේදී පැවසීය.

 සිය ඉල්ලා අස්වීම ඒ මහතා කොළඹ නඟරාධිපතිවරයාට භාර දුන් අතර මේ වනවිට පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් සිටී. 

ජාතික හෙල උරුමයේ සාමාජිකයෙකු ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරමින් කොළඹ මහනගර සභාවට තේරී පත්වු මධුමාධව අරවින්ද මහතා පවසන්නේ තමා දේශපාලකයෙකු කළේ සාම්ප්‍රදායික ගොට්ටෙක් හෝ එහෙයියෙක් වන්නට නොවන බවය. ඒ අනුව තමා උඩුගම් බලා යන ගමනක් තෝරා ගන්නා බවත් ඊට ගල් මෙන්ම මල්ද ලැබිය හැකි බව තමා දන්නා බවත් ඒ මහතා පවසයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment