ලොව පුරා විසිරි සිටින ස්මාර්ට් ෆෝන් හිමිකරුවන් ගෙන් 67% අධික පිරිසක් එය ඔවුන්ගේ කැමරාව ලෙසින් භාවිතා කිරීමේ ප්‍රවනතාවය හේතුවෙන් එම ලබාගන්නා ජායාරූප අතුරින් ලොව හොඳම ජායාරූපය තේරීමේ තරගයක් පසුගියදා පැවැත්වුනි.
මෙම තරගය සංවිධාන කළේ Celebrity Cruises නම් ආයතනයයි. අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ස්මාර්ට් ෆෝන් හිමිකරුවන් ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් වලින් ලාබාගත් ජයාරූප එම තරඟය සඳහා ඉදිරිපත්කොට තිබූ අතර එහිදී එම ජයාරූප සියල්ල පරදා මුල්තැන හිමිකරගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ ගංගාරාම විහාරයේදී ලබාගත් ජයරූපයකි.
එම ජායාරූපය ගෙන තිබුනේ සුයි කින්ග් නමැත්තෙකි. ඔහුගේ ජායාරූපය ලොව හොඳම ස්මාර්ට්ෆෝන් ජායාරූපය ලෙස විනිශ්චය කොට තිබුනේ ලොව දක්ෂතම ඡායාරූප ශිල්පීන් ලෙස සැලකෙන ස්ටුවර්ට් ෆ‍්‍රෑන්ක්ලින්, ලෑන් බෙරී, ආර්ට් වොල්ෆ්, මැසිමෝ විටාලි යන අය විසනි.
ලොව පුරා සිටින ස්මාර්ට්ෆෝන් භාවිත කරන්නන් එම ජංගම දුරකතන මගින් ලබාගත් හොඳම ඡායාරූපය තේරීමේ ජාත්‍යන්තර තරගයෙන් ප‍්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පිහිටි ගංගාරාම විහාරයේ ලබාගත් ඡායාරූපය වේ.
එය තම ස්මාර්ට් ජංගම දුරකතනයෙන් ලබාගත්තේ සුයි කින්ග් නමැති තරුණිය විසිනි. එම ජායාරූපය ගත් සුයි කින්ග් එම ජායාරූපය ස්මාර්ට් දුරකතනයෙන් ලබාගෙන ඇත්තේ හිරු එලිය හේතුවෙන් ජංගම දුරකථන තිරයේ එය පැහැදිලිව දර්ශනය නොවූ අවස්තාවකය.
ඒ පිලිබඳ අදහස් දක්වන ඇය ජාත්‍යන්තර මාධ්‍යය වෙත පවසා තිබුනේ මෙවැන්නකි. ම
ගේ පෙම්වතාත් මමත් ලංකාව පුරා සංචාරය කරන අතරේ තමයි මෙම පන්සලට ගියේ. බෞද්ධ කොඩි වලින් සරසා තිබු එම පන්සලටා යෑමට හැකිවීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා.
2014 වසර සඳහා Celebrity Cruises ආයතනයේ ජයාරූප සන්නම් නිලධාරිනිය ලෙස ඇය තෝරාගෙන ඇතිඅතර දින 14 ක Cruise නැවෙහි සංචාරයක් ද ඇයට ලබාදී තිබේ.
ඇය සංචාරය කරන එක් එක් වරායන්හි ජායාරූප Celebrity Cruises ආයතනයේ බ්ලොග් අඩවියට එක්වනු ඇත.
ලංකාවේ ජයග්‍රහණය කල ජයාරූපය

ඉදිරිපත්වූ ජායාරූප එකතුවක් පහතින් බලන්න












Put the internet to work for you.
Post a Comment